2016 මාර්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2016 මාර්තු මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් වීමත් සමඟ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. 2016 මාර්තු මාසයේ දී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂ ව අපනයන ඉපැයුම් අඩු වූ අතර ආනයන වියදම් සුළු වශයෙන් අඩු විය. කෙ සේ නමුත් අපනයන ඉපැයුම් අඩු වීමට වඩා වැඩි අගයකින් ආනයන වියදම් අඩු වීම හේතුවෙන් 2016 පළමු කාර්තුව තුළ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව අඩු විය. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම ශක්තිමත් කරමින් සංචාරක ඉපැයුම් සහ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වර්ධනය වූ අතර මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් තවදුරටත් මධ්‍යස්ථ මට්ටමක පැවැතුණි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, July 1, 2016