විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 සැප්තැම්බර්

වෙළඳ හිඟය, 2022 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අඩු අපනයන ඉපැයීම් සහ ඉහළ ආනයන වියදම්වල ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී පුළුල් විය. 2023 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ සමුච්චිත වෙළඳ හිඟය තවදුරටත්  සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතුණි. 

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

2023 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස නවය තුළ සංචාරක පැමිණීම් මිලියනයකට වඩා වාර්තා විය.

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන පෙර මාසවලට සාපේක්ෂව 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඩු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

2023 වසරේ සැප්තැම්බර් මාසය අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3.5ක් විය.

2023 වසරේ සැප්තැම්බර් මාසය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යම් විචලනයක් පෙන්නුම් කළේය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, October 31, 2023