• External Sector Performance - February 2026

    2025 වසරේ නොවැම්බර් මාසයේ සිට පැවති මාසික විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා කිරීමේ ප්‍රවණතාවය තවදුරටත් පවත්වාගෙන යමින්, 2026 වසරේ පෙබරවාරි මාසයේ දී ද විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලර් මිලියන 487ක සමුච්චිත අතිරික්තයක් වාර්තා විය.

  • CCPI based headline inflation accelerated in March 2026

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 මාර්තු මාසයේ දී ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 1.6ට සාපේක්ෂව 2026 මාර්තු මාසයේ දී සියයට 2.2ක් ලෙස වාර්තා විය.

  • Sri Lanka PMI - Construction expanded in February 2026

    ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 70.3ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයේ දී වාර්තා වූ ඉතා ඉහළ දර්ශක අගයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් මෙමගින් පිළිබිඹු වෙයි. ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ලැබීම සහ යහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බොහෝ ඉදිකිරීම් සමාගම් විසින් පෙබරවාරි මාසයේ දී ඉදිකිරීම් අංශයේ යහපත් තත්ත්වයක් වාර්තා කරන ලදී.

  • The Central Bank of Sri Lanka keeps the Overnight Policy Rate (OPR) unchanged

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් පැන නඟින  අවිනිශ්චිතතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික  ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. 

  • Financial Sector Performance in 2025

    විදේශීය අංශයන්හි අවදානම් සැලකිය යුතු මට්ටමක පැවතිය ද අඛණ්ඩ ණය ප්‍රසාරණයට සහාය දක්වමින් 2025 වසරේ දී, දේශීය සාර්ව මූල්‍ය තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් විය. 2025 වසර අවසානය වන විට බැංකු සහ මුදල් සමාගම් එක්ව ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය ඉහළයාමත් සමග ණය වර්ධනය සැලකිය යුතු ලෙස වේගවත් විය. ශක්තිමත් වූ පෞද්ගලික අංශ ණය වර්ධනය හේතුවෙන් මූල්‍ය අංශයේ සමස්ත නිරාවරණය තවදුරටත් පෞද්ගලික අංශය වෙත යොමු වූ අතර අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය පිළිබිඹු කරමින්, මූල්‍ය ආයතන රාජ්‍ය අංශයට නිරාවරණය වීම අඩු විය.  සමස්ත නිරාවරණයෙන්, රජයට අදාළ නිරාවරණ ප්‍රතිශතය අඩු වුවද, එය තවමත් සැලකිය යුතු මට්ටමක පවතී. බැංකු අංශයේ ණය-තැන්පතු අනුපාතය අඛණ්ඩව ඉහළ යාම මගින් පිළිබිඹු වන පරිදි මූල්‍ය අතරමැදිකරණය තවදුරටත් වැඩිදියුණු විය. ක

  • SL Purchasing Managers’ Index (PMI) – February 2026

    2026 පෙබරවාරි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 56.8ක අගයක් වාර්තා කළේය. සියලුම උප දර්ශක මෙම වර්ධනයට ධනාත්මකව දායක විය.

  • The Financial Intelligence Unit of Sri Lanka Releases the Executive Summary of the National Risk Assessment on Money Laundering, Terrorist Financing and Proliferation Financing – 2024/25

    රාජ්‍ය සංවිධාන, නියාමන ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන 86ක සහයෝගීත්වය ඇති ව ශ්‍රී ලංකාව, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ ජාතික අවදානම් ඇගැයීම - 2024/25 සාර්ථක ව නිම කර ඇත. මෙම ජාතික කාර්යය සඳහා එම ආයතනවල විශේෂඥයින් 200ක පමණ පිරිසක් දායක වූහ. මෙය මෙරට තෙවන ජාතික අවදානම් ඇගැයීම වන අතර, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ අවදානම් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම මෙම ඇගැයීමෙහි අරමුණ විය. මෙම ඇගැයීම මගින් ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත් ම සැලකිය යුතු මුදල් විශුද්ධිකරණ, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ තර්ජන, ඊට නතු වීමට ඇති ඉඩකඩ සහ සමස්ත අවදානම් ඉස්මතු කරයි.   

  • The CBSL releases the key findings of the Systemic Risk Survey (SRS) – H1 2026

    2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින් 2025 දෙසැම්බර් 19 සිට 2026 ජනවාරි 16 දක්වා කාලය තුළ,  දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් අනතුරුව සිදු කර ඇත.

  • CCPI based headline inflation decelerated in February 2026

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී පහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය, 2026 ජනවාරි මාසයේ දී පැවති සියයට 2.3ට සාපේක්ෂව 2026 පෙබරවාරි මාසයේ දී සියයට 1.6ක් ලෙස වාර්තා විය. 

  • External Sector Performance - January 2026

    2025 වසරේ ජනවාරි මාසයට සහ මෑත මාසවලට සාපේක්ෂව, 2026 වසරේ ජනවාරි මාසයේ දී, විදේශීය ජංගම ගිණුමේ ඉහළ අතිරික්තයක් වාර්තා විය. 2025 වසරේ දී ඇස්තමේන්තු කළ එ.ජ. ඩොලර් බිලියන 1.7ක (තාවකාලික) අතිරික්තයෙන් පසුව වාර්තා වූ මෙම අතිරික්තය විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වයේ අඛණ්ඩ වර්ධනය පෙන්නුම් කරයි. 

    ආනයනවල  වර්ධනයට වඩා  අපනයනවල වර්ධනය ඉහළ යෑම නිසා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2026 වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩුවිය.

Pages