• External Sector Performance - July 2016

    වෙළෙඳ හිඟය අඩු වීම, සංචාරක ඉපැයීම් ඉහළ යෑම සහ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ යෑම සමඟ 2016 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. අපනයන අඩු වීමට වඩා වැඩි වේගයකින් ආනයන අඩු වීම හේතුවෙන් ජූලි මාසය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. පසුගිය වසරේ ජූලි මාසය සමඟ සැසඳීමේ දී මාසය තුළ සංචාරක ඉපැයීම් ඉහළ ගිය අතර විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩු විය. දසවන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව යටතේ ලැබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 1,500, ඒකාබද්ධ ණය පහසුකම යටතේ ලැබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 300 සහ කොළඹ කොටස් වෙළෙඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ශුද්ධ ලැබීම් වාර්තා වීම සමඟ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ශක්තිමත් වූ අතර එ මගින් ගෙවුම් ශේෂය මත තිබූ පීඩනය ද අඩු විය. 

    සම්පූර්ණ ලිපිය

  • Central Bank Resolves Four Insolvent Financial Institutions to Protect Depositors and Promote the Financial System Stability

    2016 ඔක්තෝබර් මස 10 වැනි දින මහජනතාව වෙත නිවේදනය කළ පරිදි මුදල් මණ්ඩලය විසින් මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය ආරක්ෂා කිරීම පිණිස අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූල ව බැංකු නො වන මූල්‍ය ආයතන ගණනාවක් නිරාකරණය කිරීම සම්බන්ධ ගැටළු 2016 ඔක්තෝබර් මස 14 වැනි දින පැවැති මුදල් මණ්ඩල රැස්වීමේ දී සලකා බලන ලදි. ඒ අනුව, මුදල් සමාගම් තුනක තැන්පත්කරුවන්ගේ තැන්පතු සහ එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පීඑල්සී සමාගමේ රාජ්‍ය සුරැකුම්පත් හා සම්බන්ධ නීත්‍යනුකූල ආයෝජකයන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා නිිරාකරන ක්‍රමවේදයක් මුදල් මණ්ඩලය අනුමත කළේ ය. 

  • Inflation in September 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මාසයේ දී වාර්තා කළ සියයට 4.5 සිට 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා ඉහළ ගියේ ය. 2016 සැප්තැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 3.6 සිට 2016 සැප්තැම්බර් මස දී සියයට 3.8 දක්වා ඉහළ ගියේ ය. 

  • Land Price Index - First Half of 2017

    නිශ්චල දේපල අංශයේ ප්‍රවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දර්ශක කිහිපයක් සම්පාදනය සහ විශ්ලේෂණය කරනු ලබයි. මේ අනුව, 1998 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින්, අර්ධ වාර්ෂික ව ඉඩම් මිල දර්ශකය සම්පාදනය කෙරේ. මෙම දර්ශකය ගණනය කිරීමේ දී තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5ක්  ආවරණය වන පරිදි ප්‍රදේශ 50ක පමණ ඉඩම් මිල ගණන් භාවිතා කරනු ලබයි. මෙහි දී ඉඩම් භාවිතය පිළිබඳ වන විවිධත්වය සැලකිල්ලට ගෙන නේවාසික, වාණිජ සහ කාර්මික යන ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරයි. මෙම අනු දර්ශක තුනේ සාමාන්‍යය ඇසුරෙන් ඉඩම් මිල දර්ශකය සම්පාදනය කෙරේ.

    සම්පූර්ණ ලිපිය

  • Financial Intelligence Unit of Sri Lanka Entered into a Memorandum of Understanding with Department of Inland Revenue

    2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 ඔක්තෝබර් 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදි. 

  • Monetary Policy Review - No. 7 of 2017

    පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 නොවැම්බර් මස 06 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලයේ අදහස විය.  ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.

    මුදල් මණ්ඩලයේ මෙම තීරණය, මැදි කාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවත්වා ගැනීම තුළින් තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා සහාය වීමේ අරමුණ සමඟ අනුකූල වේ. මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා තුඩුදුන් ප්‍රධාන සාධක පහත සඳහන් වේ.

  • Clarification on Employment Numbers Referred to in the Central Bank Annual Reports

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014, 2015 සහ 2016 යන වාර්ෂික වාර්තාවල සඳහන් සේවා නියුක්තිය පිළිබඳ දත්ත සම්බන්ධ ව විවිධ ජනමාධ්‍ය මගින් වාර්තා නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත. 

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයින ම ආවරණය වන පරිදි පැවැත් වූ 2012 ජන හා නිවාස සංගණනයට පසු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබූ මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු සංශෝධනය කර එම සංශෝධිත දත්ත ශ්‍රේණිය නැවත ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රම බලකා සමීක්ෂණයට අදාළ ඇස්තමේන්තු නැවත බර තබන ලද අතර 2016 ජූලි මාසයේ දී 2011 වසරේ සිට ඉදිරි කාල පරිච්ඡේදය සඳහා නව ශ්‍රම බලකා ඇස්තමේන්තු ශ්‍රේණියක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙය ශ්‍රම බලකා සමීක්ෂණ ඇස්තමේන්තු හා මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු අතර වන අනුකූලත්වය තහවුරු කිරීම සඳහා අනෙකුත් රටවල් ද අනුගමනය කරන පොදු ක්‍රියා මාර්ගයකි. 

  • SL Purchasing Managers’ Index Survey - October 2016

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ 57.7ට සාපේක්ෂ ව 2016 ඔක්තෝබර් මාසයේ දී 56.5ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙ මගින් පසුගිය මාසයට සාපේක්ෂ ව 2016 ඹක්තෝබර් මාසයේ දී නිෂ්පාදන කටයුතුවල ප්‍රසාරණයේ මන්දගාමීත්වයක් පෙන්නුම් කරනු ලබයි. මේ සඳහා නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශකයන්ගේ මන්දගාමීත්වය ප්‍රධාන වශයෙන් හේතු විය. එළඹෙන උත්සව සමයට තොග රැස් කිරීමේ ප්‍රතිළුලයක් ලෙස ගැනුම් තොග උප දර්ශකය ඔක්තෝබර් මාසයේ දී සැලකිය යුුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ආන්තික ව වර්ධනය විය. මේ අතර සේවා නියුක්ති උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව සුළු වශයෙන් පහත වැටුණි. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

  • The International Monetary Fund Releases the Second Tranche of US Dollars 162.6 million under the Extended Fund Facility

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමේ ප්‍රථම සමාලෝචනය සාර්ථක ව සම්පූර්ණ කරන ලද අතර විශේෂ ගැනුම් හිමිකම් මිලියන 119.894ක (ආසන්න වශයෙන් එකසත් ජනපද ඩොලර් මිලියන 162.6ක) දෙවන වාරිකය 2016 නොවැම්බර් 18 දින මුදා හරින ලදි. 

  • Inflation in October 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.7 සිට 2016 ඹක්තෝබර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. 2016 ඔක්තෝබර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 සැප්තැම්බර් මස වාර්තා වූ සියයට 3.8 සිට 2016 ඔක්තෝබර් මස දී සියයට 4.0 දක්වා ඉහළ ගියේ ය. 

Pages