ආනයන තවදුරටත් පහළ යෑම සහ පෙර මාසයට සාපේක්ෂව අපනයන අඩු වීම බොහෝදුරට යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් 2019 අගෝස්තු මස වෙළඳ හිඟය අඩු විය. 2019 අගෝස්තු මස ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 16.6 ක අඩුවීමක් වාර්තා කළ අතර ප්‍රධාන අපනයන කාණ්ඩවල මිල ගණන් පහළ යෑම හේතුවෙන් අපනයන ආදායම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 0.4 කින් සුළු වශයෙන් අඩු විය.
2019 ජූලි මස වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 717 ක වෙළඳ හිඟයට සාපේක්ෂව 2019 අගෝස්තු මස වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 540 ක් දක්වා අඩු විය.