ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පළ කරන ලද පුවත්පත් නිවේදනයේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් ගොඩ නැගුණු සාවද්‍ය අර්ථකථනයන් පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. ව්‍යවහාර මුදල් නෝට්ටුවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමත් එ මඟින් සත්‍ය සහ ව්‍යාජ මුදල් නෝට්ටු වෙන් වෙන් ව හඳුනා ගැනීමේ අරමුණත් පෙරදැරි ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ලදී. මෙම ප්‍රතිපත්තිය තුළින් රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීමත් කාර්යක්ෂම මෙන් ම පිරිවැය ඵලදායී මුදල් නෝට්ටු සැකසීමේ ක්‍රියාවලියක් සඳහා පෙළඹවීමත් අපේක්ෂා කරන ලදී.
-
Central Bank of Sri Lanka clarifies the position on wilfull mutilation, alteration and defacement of currency notes
-
Inflation in January 2017
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.2 හි සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය. 2017 ජනවාරි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.0 හි සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 4.6 දක්වා ඉහළ ගියේය.
-
Launching of the Data Library of Central Bank of Sri Lanka
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 පෙබරවාරි මස 20 වැනි දින සිය නිල වෙබ් අඩවිය තුළින් මහජනතාවට පිවිසිය හැකි දත්ත සංචිතයක් දියත් කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම දත්ත සංචිතය මූර්ත, මුදල්, රාජ්‍ය මූල්‍ය, විදේශ සහ මූල්‍ය යන අංශ ආවරණය කරන විවිධ මාතෘකා යටතේ වන කාල ශ්‍රේණි දත්තවලින් සමන්විත වඩාත් සවිස්තරාත්මක දත්ත ගබඩාවකි. එ මගින් දත්ත අවශ්‍ය පරිදි තෝරා ගැනීම, සංඛ්‍යා සටහන් සකස් කිරීම, භාගත කිරීම සහ අනාගත පරිශීලනය සඳහා ගබඩා කිරීම වැනි විවිධ අවශ්‍යතා සඳහා පහසුකම් සලසා ඇත.
දත්ත භාවිත කරන්නන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය (www.cbsl.gov.lk) තුළින් හෝ විශේෂයෙන් (https://www.cbsl.lk/eresearch) යන ඇමුණුම තුළින් දත්ත සංචිතය වෙත පිවිසිය හැකි ය.
-
SL Purchasing Managers’ Index Survey - May 2017
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 මැයි මාසයේ දී 57.9ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 අප්‍රේල් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 16.1කින් ඉහළ යන ලදී. ඒ අනුව, අප්‍රේල් මාසයේ දක්නට ලැබුනු සෘතුමය පහළ යෑමෙන් පසු ව නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පැමිණ ඇති බව පිළිබිඹු වේ. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ ඉහළ යෑම හේතු විය. තව ද, සේවා නියුක්තිය උප දර්ශකය හැර අනෙකුත් සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. එ සේ නමුත්, මෙම මාසයේ 25 වන දින සිට පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සේවකයන්ගේ නො පැමිණීම සහ ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට වැඩි කාලයක් ගතවීම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්හි බලාපොරොත්තු වූ වර්ධනය යම් තාක් දුරට පසුබෑමකට ලක් විය. කෙසේ වුව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.
-
SL Purchasing Managers’ Index Survey - January 2017
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ජනවාරි මාසයේ දී 56.2ක අගයක් වාර්තා කරමින් 2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 2.1කින් පහළ යන ලදී. මෙම මන්දගාමීත්වය සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගෙන් පිළිබිඹු වූ ආකාරයට, උත්සව සමයෙන් පසු ව 2017 වසර සඳහා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම ප්‍රධාන වශයෙන් හේතු විය. ඉදිරියේ දී ඇති විය හැකි තොග පමාවීම් සඳහා පූර්වෝපායයක් ලෙස ගැනුම් තොග එක් රැස් කිරීම හේතුවෙන් ගැනුම් තොග දර්ශකය ජනවාරි මාසයේ දී ඉහළ යන ලදී. එ මෙන් ම, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ද ඉහළ යන ලදී. මේ අතර, සේවා නියුක්ති උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ යන ලදී. මෙහි දී සියළු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරන ලදී.
-
Monetary Policy Review: No. 1 – 2017
ආහාර සහ ආහාර නො වන කාණ්ඩ දෙකෙහි ම මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා කරන ලද සියයට 4.5 හා සැසඳීමේ දී 2017 ජනවාරි මාසයේ දී සියයට 5.5ක් දක්වා ඉහළ ගියේ ය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය ද 2016 දෙසැම්බර් මාසයේ වාර්තා කරන ලද සියයට 5.8 සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 7.0 ක් දක්වා ඉහළ ගියේ ය. කාල පමාවක් සහිත ව ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම් ව ගණනය කරනු ලබන මතුපිට හා මූලික උද්ධමනයෙහි කිසියම් ඉහළ යෑමක් පෙන්නුම් කරමින් 2016 දෙසැම්බර් මාසයේ දී පිළිවෙළින් සියයට 4.2ක් සහ සියයට 6.7ක් විය.
-
External Sector Performance – October 2016
සංචාරක ඉපැයීම් අඛණ්ඩ ව වර්ධනය වුව ද, වෙළෙඳ හිඟය පුළුල් වීම හේතුවෙන් 2016 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම සුළු වශයෙන් වර්ධනය වුව ද ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. වරාය නගර නිර්මාණ ව්‍යාපෘතියෙහි කැණීම් කටයුතු සඳහා භාවිත කරන යාත්‍රාවක් ආනයනය කිරීම මූලික කොට ගෙන 2016 ඔක්තෝබර් මාසයේ දී ආනයන වියදම කැපී පෙනෙන ලෙස වැඩි විය. මේ අතර, 2016 ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් වැඩි වූ අතර, සංචාරක ඉපැයීම්වල හිතකර වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි විය. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ලැබීම් සහ රජය විසින් ලබා ගත් දිගු කාලීන ණය මගින් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වුව ද, 2016 වසරේ ඔක්තෝබර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි විය.
-
Inflation in December 2016
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.1 හි සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. 2016 දෙසැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 දෙසැම්බර් මාසයේ දී ද පසුගිය මාසයේ වාර්තා වූ සියයට 4.0 හි නො වෙනස් ව පැවතුණි.
-
A Commemorative Coin to mark the 100th Anniversary of Visakha Vidyalaya, Colombo 5
කොළඹ 5, විශාඛා විද්‍යාලයට වසර 100 ක් පිරීම නිමිත්තෙන්, රටෙහි ප්‍රමුඛතම පාසලක් ලෙස එය ජාතියට සිදු කරන ලද දායකත්වය ඇගැයීමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 2,000 ක් වන සංසරණය නො වන රිදී සමරු කාසියක් නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් 2017.01.23 වැනි දින විශාඛා විද්‍යාලයීය ජෙරමියස් දියෙස් ශාලාවේ දී, මෙහි පළමු කාසිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබී ය.
-
Statement issued by the Monetary Board on measures taken with respect to the Employees Provident Fund
සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෑත කාලයේ දී මාධ්‍ය වාර්තා ගණනාවක් ප්‍රකාශයට පත් වී ඇත.
මේ වන විට, මුදල් මණ්ඩලයේ උපදෙස් මත, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. මෙ වැනි පරීක්ෂණයක දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින් සිදු කළ කටයුතු ද පරීක්ෂාවට ලක් වන හෙයින්, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම් හා ඒ හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් බාහිර ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන මෙන් නීති ක්‍රියාත්මක කරන බලධාරීන් වෙතින් ද ඉල්ලා ඇත.
සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්, විශේෂයෙන් ම එහි ආයෝජන සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, පසුගිය මාස 6 ක කාල සීමාව තුළ මුදල් මණ්ඩලය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මෙකී ක්‍රියාමාර්ග මගින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු වනු ඇත.