මුදල් මණ්ඩලය විසින් ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන කේ . එම් . මහින්ද සිරිවර්ධන මහතා 2020 පෙබරවාරි මස 12 වැනි දින සිට නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්කර ඇත.
සිරිවර්ධන මහතා වසර විසි අටකට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සිරිවර්ධන මහතා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව භාර සහකාර අධිපති ලෙස කටයුතු කර ඇති අතර ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.