• The Government and the Central Bank of Sri Lanka Introduce Further Measures to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka

    රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම, විදේශ විනිමය අනුපාතය මත දැනට පවතින පීඩනය අවම කිරීම සහ කොවිඩ් - 19 (Covid – 19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සළකා බලා, ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් මාස තුනක (03) කාල සීමාවක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග පනවමින් නියෝගයක් නිකුත් කරන ලදී.

  • The Central Bank of Sri Lanka Further Reduces Policy Interest Rates

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය, 2020 අප්‍රේල් මස 03 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.00 සහ සියයට 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වෙලාවේ සිට බල පැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේ ය. මෙම තීරණය මගින් වෙළෙඳපොළ තත්ත්වයන් ලිහිල් කිරීම සදහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සදහා සහයක් ලැබෙන අතර, කොරෝනා වෛරස (COVID-19) ගෝලීය වසංගතය මගින් සහ එය රට තුළ තවදුරටත් පැතිරයාම පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත දේශීය මුල්‍ය වෙළෙදපොළ මගින් තවදුරටත් සහන සැලසීමට අවකාශ ලැබෙනු ඇත.

  • Central Bank of Sri Lanka Decides to Establish a Rupees 50 Billion, Six Month Re-Financing Facility and Issues Instructions to Financial Institutions to Support Covid-19 Hit Businesses and Individuals

    කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් (ප්‍රාග්ධනය හා පොලී සඳහා) සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් ඇතුළු පුළුල් සහන සැපයීමේ අරමුණින් කැබිනට්  මණ්ඩලය විසින් 2020.03.20 වැනි දින ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිමූල්‍ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් (මූල්‍ය ආයතන) 2020.03.25 වැනි දින සිට ක්‍රියාත්මක මෙම ප්‍රතිමූල්‍ය පහසුකමට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබන අතර දැනුම් දී ඇති සහනයන් ලබා දෙනු ඇත. සහනයන් සහ ප්‍රතිමූල්‍ය පහසුකමේ ප්‍රධාන අංශ පහත පරිදි වේ.

  • Inflation decreased in March 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ පැවති සියයට 6.2හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 5.4 දක්වා පහළ ගියේ ය. මේ සඳහා, ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල සිදු වූ පහළ යෑම හේතු විය. ඒ අනුව, 2020 පෙබරවාරි මාසයේ දී සියයට 14.7හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 මාර්තු මාසයේ දී සියයට 12.8 දක්වා පහළ ගියේ ය. මේ අතර ආහාර නො වන කාණ්ඩයේ 2020 මාර්තු මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.5ක් විය.

  • Measures taken by the Central Bank of Sri Lanka to Provide Flexibility to Licensed Finance Companies and Specialised Leasing Companies to Support Businesses and Individuals Affected by the Outbreak of Coronavirus (COVID – 19)

    කොරෝනා ව්‍යසනය හෙවත් COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම උදෙසා අවශ්‍ය නම්‍යශීලීත්වය බැංකු නො වන මූල්‍ය ආයතන  ක්ෂේත්‍රයට ලබා දීමේ  අරමුණින් ‍ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

  • External Sector Performance - January 2020

    අපනයන ආදායම අඩුවීමත් ආනයන වියදම වැඩිවීමත් සමඟ 2019 ජනවාරි මාසයට සාපේක්ෂ ව 2020 ජනවාරි මස වෙළෙඳ හිඟය පුළුල් විය. 2019 අවසානය වන විට සංචාරක කර්මාන්තය පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගේ බලපෑමෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වුව ද, 2020 ජනවාරි මස කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තිය හේතුවෙන් එම යථා තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව ආපසු බලපෑමට ලක් විය. 2020 ජනවාරි මස විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරට සාපේක්ෂ ව වැඩි වීමක් වාර්තා කළේ ය. මේ අතර, 2020 ජනවාරි මස රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර සමස්තයක් ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි විය. 2020 ජනවාරි මස ශ්‍රී ලංකා රුපියල සමස්තයක් ලෙස ස්ථාවර ව පැවතෙමින් එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව අතිප්‍රමාණය වුව ද කොරෝනා වසංගතය හමුවේ එක්සත් ජනපද ඩොලරය සහ ජපන් යෙන් ශක්තිමත් වීම හේතුවෙන් මාර්තු මාසයේ දී බොහෝ නැගී එන වෙළෙඳපොළ විනිමය අනුපාතිකයන්හි ප්‍රවණතාවට  සමාන ව තියුණු ලෙස අවප්‍රමාණය විය.

  • Central Bank of Sri Lanka implements Extraordinary Regulatory Measures to facilitate Banks to support COVID-19 affected Businesses and Individuals

    කොරෝනා ව්‍යසනය හෙවත් COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම උදෙසා අවශ්‍ය නම්‍යශීලීත්වය බැංකු ක්ෂේත්‍රයට ලබාදීමේ  අරමුණින් ‍ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සදහා සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත.  මෙම ක්‍රියාමාර්ග හඳුන්වා දීමේ දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් බැංකු විසින් දැනටමත් රැස් කර ගෙන ඇති ප්‍රාග්ධන අතිරික්තයන් ඇතුළු ව බැංකු ක්ෂේත්‍රයේ සමස්ත ස්ථායිතාව සැලකිල්ලට ගත් අතර දැනට පවතින හා ඉදිරියේ දී අපේක්ෂිත ද්‍රවශීලතා මට්ටම්, අසාමාන්‍ය ලෙස ආර්ථික කටයුතු බිඳ වැටීම සහ බහුතරයක් ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ ණය පහසුකම් නිසි පරිදි ගෙවා දැමීමට නො හැකි වීම නිසා ඉදිරියේ දී අක්‍රීය ණය ඉහළ යාමට ඇති ප්‍රවණතාව වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන ලදී.

  • NCPI based Inflation increased in February 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජනවාරි මාසයේ පැවති සියයට 7.6හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 8.1 දක්වා ඉහළගියේ ය. 2019 පෙබරවාරි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. තව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.1හි පැවතුණි.

  • Operations of Banks on 23rd March 2020

    මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා 2020 මාර්තු 23 වන දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටී.

  • The Central Bank of Sri Lanka Introduces Urgent Measures to Ease the Pressure on the Exchange Rate and Prevent Financial Market Panic due to the COVID-19 Pandemic

    කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දෙනු ලැබේ.

Pages