• Beware of Online Scams - Protect Your Bank Passwords and PINs

    සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත. මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී නිරීක්ෂණය විය.

    මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ බැංකු ගිණුම් අංක සහ ඔවුනගේ බැංකු පුද්ගලික හැඳුනුම් අංක (PIN) වැනි රහස්‍ය තොරතුරු තමන්ට ලබාගැනීම සඳහා මහජනයා පොළඹවයි. එමගින් වංචාකරුවන් පාරිභෝගික ගිණුම් වෙත පිවිස ඒවායේ ඇති මුදල් සොරකම් කිරීමට එවැනි තොරතුරු භාවිතා කරනු ලබයි.

    ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු වශයෙන් ගිණුමෙහි සහ ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට භාවිතා කළ හැකි තොරතුරු ලෙස හැඳින්විය හැකිය.

  • The Central Bank Expresses its Strong Objection to the Contents of the Statement Released by Fitch Ratings

    2019 නොවැම්බර් මස 21 වන දින ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය “ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය මගින් ප්‍රතිපත්ති අවිනිශ්චිතතා වැඩි කරයි” (Sri Lanka Election Result Increases Policy Uncertainty”) යන තේමාව යටතේ නිකුත් කරනු ලැබූ ප්‍රකාශයට ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව විරෝධය පළ කරනු ලබයි. එමගින්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ අතිගරු ජනාධිපතිතුමා විසින් රාජකාරි භාර ගැනීම හා දැනට සිදු කෙරෙමින් පවත්නා ප්‍රධාන පත්වීම් පිළිබඳව වෙළඳපොළෙන් පෙන්නුම් කරන ලද ධනාත්මක ප්‍රතිචාරයට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් නිරූපණය කෙරෙයි. 

  • External Sector Performance - September 2019

    ආනයන වියදම අඩු වීම ඉක්මවා අපනයන ආදායම අඩු වීමත් සමඟ 2019 සැප්තැම්බර් මාසයේදී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව පුළුල් විය. එසේ නමුත්, සමුච්චිත වශයෙන් සැලකීමේදී, ඉහළ ගිය අපනයන ආදායම සහ සැලකිය යුතු ලෙස පහළ ගිය ආනයන වියදම හේතුවෙන් 2019 වසරේ පළමු මාස නවය තුළ වෙළඳ හිඟය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු පහළ මට්ටමක පැවතුණි. මේ අතර, සංචාරක පැමිණීම්වල පහත වැටීමේ වේගය 2019 සැප්තැම්බර් මසදී තවදුරටත් අඩු විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමුච්චිත පදනම මත අඩු වුවද, 2019 සැප්තැම්බර් මාසයේදී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වැඩි විය. 2019 සැප්තැම්බර් මස මූල්‍ය ගිණුම තුළ කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීම් වාර්තා විය. 2019 සැප්තැම්බර් මස රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයකට ලක් වුවද 2019 ලංකා රුපියලවසරේ පළමු මාස නවය තුළ දී ශ්‍රී, ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

  • Sri Lanka Purchasing Managers’ Index - October 2019

    2019 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2019 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දර්ශක අගය 57.6 දක්වා ඉහළ ගිය අතර නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ ඉහළ යාම මේ කෙරෙහි ප්‍රධාන වශයෙන්ම හේතු විය.

    නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ මෙම ඉහළ යාම ඉදිරියේ දී එළඹෙන උත්සව සමයේ ඇතිවිය හැකි ඉල්ලුම සපුරාලීම සඳහා, විශේෂයෙන්ම, ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි ක්‍රියාකාරකම් ඉහළ යාම මගින් නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර, ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි සේවා නියුක්තිය ද ඉහළ යන ලදී. ඉදිරි කාලයේදී එළඹෙන ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ නංවාලීම සඳහා සිදු කරන ලද බඳවාගැනීම් හේතුවෙන් සේවා නියුක්තිය ඉහළ යන ලදී.

  • Sri Lanka Prosperity Index - 2018

    2018 වසරේ ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2017 වසරේ දී වාර්තා කළ 0.548 සිට 0.783 දක්වා ඉහළ යන ලදී. මෙම වැඩිදියුණු වීම සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය', ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' යන උපදර්ශක තුනම දායක වී ඇත.

    2018 වසර තුළ දී ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකය වර්ධනය වීම සඳහා මිල ස්ථායිතාව සහ අවිධිමත් අංශයේ වැටුප් ඉහළ යෑම හේතු විය. ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයට අදාළව සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය, මහජනතාවගේ වත්කම්, පරිසරයේ පිරිසිදුකම යන අංශවල ඉහළ වර්ධනයන් වර්තා විය. 2018 වසර තුළ දී සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ වැඩිවීම කෙරෙහි විදුලිබල, ප්‍රවාහන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යන පහසුකම් පැවතීම සහ නලජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු වීම ප්‍රධාන වශයෙන් දායක විය.

  • Forensic Audits

    2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම  සහ වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශයන් ද  අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් කරන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු වූ කරුණු ද සලකා ශ්‍රී ලංකා  මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිතුමාගේ ද උපදෙස් ලබා ගනිමින්, වෝහාරික විගණනයන් පැවැත්වීමට සැලසුම් යොදන ලදී. මෙම විගණන කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් මගින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල ව, ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් තෝරා ගනු ලැබූ අතර, එම විගණන කණ්ඩායම් සම්පූර්ණයෙන් ම විදේශීය සාමාජිකයින්ගෙන් සමන්විත විය. මෙම ප්‍රසම්පාදනය සඳහා වූ අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිරීක්ෂකයෙකු වශයෙන් විගණකාධිපතිතුමාගේ නියෝජිතවරියක්ද කටයුතු කරන ලදී.

  • 32nd Annual Conference of Asian Credit Supplementation Institutions Confederation (ACSIC) - 2019, Colombo Sri Lanka

    ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුව 2019 ඔක්තෝම්බර් මස 28 සිට 30 දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත් වූ අතර එහි සත්කාරකත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දරණ ලදි. වඩා හොඳ ණය පූරකකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 1987 දී මෙම ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුව ස්ථාපනය කරන ලදි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා‍ ආසියාවේ ස්ථාපිත විශාලතම සංවිධානය මෙය වන අතර රටවල් 11 ක සාමාජික ආයතන 16 කින් මෙය සමන්විත වේ. ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි වර්තමාන සාමාජික රටවල් අතරට ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, මොන්ගෝලියාව, නේපාලය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිවානය සහ තායිලන්තය ඇතුළත් වේ.

  • The Central Bank Publishes 'Recent Economic Developments: Highlights of 2019 and Prospects for 2020'

    ශ්‍රී ලංකා මහ බැංකුව “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්” ප්‍රකාශනය අද දින විද්‍යුත් මාධ්‍යයෙන් එළි දැක්වීය. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම බාගත කළ හැකි ය.

    “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා” ප්‍රකාශනයෙහි අන්තර්ගත වන පරිදි 2019 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමස්ත නිරීක්ෂණය පහත දැක්වේ.

  • IMF Executive Board Completes the Sixth Review of Sri Lanka’s Extended Arrangement under the Extended Fund Facility

    විස්තීර්ණ ණය පහසුකමට අදාළ අරමුදල්වල මීළඟ වාරිකය මුදා හැරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව විසින් හයවන සමාලෝචනය සාර්ථක ව නිම කරන ලදී.

    අවදානම්වලට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කිරීම සහ ශක්තිමත් හා සාර්ව සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයනට සහය වීම සඳහා ප්‍රතිපත්ති විනය තිරසාර ව පවත්වා‍ ගැනීම අත්‍යවශ්‍ය වේ.

    සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවශ්‍ය අවකාශය සලසා දෙමින් රාජ්‍ය ණය අඩු කිරීම සඳහා රාජ්‍ය ආදායම් රැස් කිරීම සාර්ථක ව සිදු කළ යුතු ව ඇත.

  • Regulatory actions taken by the Central Bank of Sri Lanka on The Finance Company PLC

    2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත්ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත්විය. ආයතනය යථා තත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනාගැනීම සඳහා අවස්ථා ගණනාවකදී ප්‍රයත්නයන් දැරුවද එම ප්‍රයත්නයන් තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත.

Pages