2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.
-
The Central Bank of Sri Lanka releases the Monetary Policy Report – August 2024
-
Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - July 2024
2024 ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජූලි මාසයේ දී දර්ශකාංක 59.5ක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යෑම දායක විය.
-
Financial Intelligence Unit of Sri Lanka entered into a Memorandum of Understanding with the Registrar General of the Registrar General’s Department
භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා 2024 අගෝස්තු 06 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම අවබෝධතා ගිවිසුමට එළැඹෙන ලදී.
-
IMF Staff Concludes Visit to Sri Lanka
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2024 ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි.
-
The Central Bank of Sri Lanka publishes its inaugural Market Operations Report
ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) විසින් ක්‍රියාත්මක කරනු ලබන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය ඉහළ නැංවීම සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මහ බැංකුව විසින් සිය ප්‍රථම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවට අනුකූලව එහි පුළුල් සන්නිවේදන උපායමාර්ග යටතේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම මඟින් මහ බැංකුවේ කටයුතුවල විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා ද වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව උපකාරී වනු ඇත.
-
External Sector Performance June 2024
තරමක ඉහළ වෙළෙඳ හිඟයක් පැවතිය ද විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ඉපැයීම් ඉහළ යෑම සමඟ 2024 වසරේ පළමු භාගයේ දී විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ධනාත්මකව පැවතුනි.
වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ ජූනි මාසයේ දී වාර්ෂික ලක්ෂමය පදනම මත පුළුල් වුවද, 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව පහළ ගියේය.
-
CCPI based headline inflation accelerated, yet remained below the target, in July 2024
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජූලි මාසයේ දී සියයට 2.4ක් ලෙස වාර්තා විය. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය, ඉලක්කගත මට්ටම වන සියයට 5ට වඩා පහළ අගයක පැවතුණි.
-
SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – June 2024
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 ජූනි මාසයේ දී දර්ශකාංක 59.5ක් වූ අතර, එය පසුගිය සමීක්ෂණ වාර තිහක් තුළ වාර්තා කල ඉහළම දර්ශක අගය වේ. මේ වන විට ක්‍රියාත්මකවන ඉදිකිරීම් ව්‍යාපෘති බොහොමයක් බහුපාර්ශ්වික ආයතනවල මූල්‍යාධාර මත සිදුකරන මාර්ග අළුත්වැඩියා කිරීමේ සහ ජලසම්පාදනය හා සම්බන්ධ ව්‍යාපෘතිවලින් සමන්විත වන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
-
The Central Bank of Sri Lanka Further Reduces Policy Interest Rates
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජූලි මස 23 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය.
-
Purchasing Managers’ Indices indicate expansions in both Manufacturing and Services activities in June 2024
නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජුනි මාසයේ දී දර්ශකාංක 56.6ක් වාර්තා කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක ජුනි මාසය තුළ දී කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුණි.