මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් ඇමතිතුමාගේ අනුමැතිය සහිතව සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ .එම්. ඒ. එන්. දවුලගල මහත්මිය 2022 ඔක්තෝම්බර් මස 07 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරන ලදී.
කේ .එම්. ඒ. එන්. දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා නියාමන, සාර්ව විචක්ෂණශීලිතා අධ්‍යයන, මූල්‍ය, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණ, ප්‍රාදේශීය සංවර්ධන, මානව සම්පත් කළමනාකරණ සහ පුහුණු හා සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි විවිධ තනතුරුවල වසර 31කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. ඇය ප්‍රධාන ගණකාධිකාරි සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා මූල්‍ය පද්ධති ස්ථායිතා යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ලෙස සේවය කර ඇති අතර බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ නීතිමය රාමුව සහ පාලනය සවිමත් කිරීම වෙනුවෙන් දායකත්වය සැපයීය. නියෝජ්‍ය අධිපති ලෙස පත් කිරීමට පෙර දවුලගල මහත්මිය සාර්ව විචක්ෂණතා අධ්‍යයන හා බැංකු අධ්‍යයන කේන්ද්‍රය යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස හා මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළාය. ඇය මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ, මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුවේ සහ ආචාර ධර්ම කමිටුවේ ලේකම් ලෙස ද කටයුතු කළාය.