2023 මාර්තු මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධන කලාපයට නැවත ලඟා විය.
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය මාස නවයක් අඛණ්ඩව පහත වැටීමෙන් පසු, 2023 මාර්තු මාසයේ දී 51.4ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන මාවතට අවතීර්ණ විය. පෙර මාසයට සාපේක්ෂ මෙම වර්ධනය සඳහා ප්රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන යන උප-දර්ශකයන්ගේ ඉහළ යෑම දායක විය. එසේ වුවද, සේවා නියුක්තිය, තොග මිලදී ගැනුම්, සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන උප-දර්ශක කඩඉම් මට්ටමට වඩා පහළින් පැවතුනි.