ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) 2026 ජුලි 31වන දින නවතම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික ක්‍රමයක සහය ඇතිව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී, මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩිදියුණු කිරීම මෙම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාවේ අරමුණයි.
-
The Central Bank of Sri Lanka Publishes the Market Operations Report – June 2026
-
CCPI-based headline inflation accelerated in July 2026
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර උද්ධමනයේ සංඛ්‍යානමය පදනම් බලපෑමය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 3.6හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගිය අතර, එය මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 8.4හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 7.8 දක්වා පහළ ගියේය.
-
External Sector Performance - June 2026
විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය.
-
Sri Lanka PMI - Construction expanded in June 2026
ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජුනි මාසයේ දී දර්ශකාංක 60.0ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසවල දී ප්‍රදානය කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මේ සඳහා හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
-
The Central Bank of Sri Lanka keeps the Overnight Policy Rate (OPR) unchanged
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.
මැදපෙරදිග කලාපයේ යළිත් වර්ධනය වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන් ඛනිජතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙම ප්‍රවණතා හේතුවෙන් ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම මන්දගාමී වීමට ඉඩ ඇති අතර, එමගින් ආකාර කිහිපයක් ඔස්සේ දේශීය ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකිය.
-
Administrative Penalties imposed by the Financial Intelligence Unit on Reporting Institutions from October 2025 to March 2026
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
-
SL Purchasing Managers’ Index (PMI) – June 2026
2026 ජුනි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජුනි මාසයේ දී 53.0ක අගයක් වාර්තා කළේය. මැයි මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඩු වේගයකින් වුව ද සිදු වූ අඛණ්ඩ වර්ධනය මෙමගින් පෙන්නුම් කරයි.
-
Extension of the Suspension of Business of Perpetual Treasuries Limited
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2026 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.
-
Extension of the Term of the Administrator Appointed to Nation Lanka Finance PLC under the Banking (Special Provisions) Act, No. 17 of 2023
ශ්‍රී ලංකා මහ බැංකුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කරන ලද පී ඩබ් ඩී එන් ආර් රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාර ව දීර්ඝ කර ඇත.
-
Nation Lanka Finance PLC - Cancellation of Licence under the Banking (Special Provisions) Act, No.17 of 2023
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ 2025.07.04 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළද, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබීය. ඒ අනුව, 2025.07.04 දින සිටම බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි සියලු වත්කම්, මෙහෙයුම් සහ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහාත්, සමාගමේ නමින් සහ සමාගම වෙනුවෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහාත්, පී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රොද්‍රිගු මහතා අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කරන ලදී.








