ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන සම්බන්ධ ව 2018.01.02 දින නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය හා බැඳේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරු ව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් සියයට 10ක් තැන්පත්කරුවන් වෙත ගෙවීමට, ආයතනය වෙත උපදෙස් ලබා දී ඇත. මෙම ගෙවීම 2018.07.10 දින ආරම්භ කෙරෙනු ඇත. මෙම ගෙවීම් සැලැස්ම පිළිබඳ විස්තර තැන්පත්කරුවන් වෙත ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය විසින් ඉක්මනින් දැනුම් දෙනු ඇත.