මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තියට අනුකූල ව 2018.03.05 දින සිට වලංගු වන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනයට නිකුත් කරනු ලැබූ බලපත්‍රය මුදල් මණ්ඩලය විසින් අවලංගු කරන ලදි.
2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි (සංශෝධනය කරන ලද) ප්‍රකාර ව 2018.08.27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනයේ රක්ෂණය කරන ලද තැන්පත්කරුවන් සඳහා හානිපූරණ ගෙවීම් ආරම්භ කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව සතුටින් දැනුම් දෙනු ලබයි.