පාසල් සිසු සිසුවියන් ඇතුළු රජරට හා වයඹ ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවාවන් පහසුවෙන් ලබා දීම සඳහාත්, එම සේවාවන් පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කිරීම උදෙසාත් පැවැත්වෙන 'මහ බැංකුව ඔබ හමුවට...' විවෘත දිනය 2018 සැප්තැම්බර් 21 සහ 22 දිනවල දී අනුරාධපුර ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේ දී සහ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී (සල්ගාදු ක්‍රීඩාංගනයේ දී) පැවැත්වේ.
පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී මහජනතාවට තම අර්ථසාධක අරමුදල පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම කළ හැකි ය. ඊට අමතර ව කාසි හා නෝට්ටු හුවමාරුව ද සිදු කෙරේ.