ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග පිළිබඳ ව 2019 නොවැම්බර් 26 දින පුවත්පත් සහ පුවත් වෙබ් අඩවි කීපයක් තුළ පළ වූ ඇතැම් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇති අතර ඒ සම්බන්ධ ව පහත පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමු.
2019 ඔක්තෝබර් 23 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීම සඳහා වන දැන්වීමක් නිකුත් කරන ලදී.