ශ්‍රී ලංකාවේ මූල්‍යායතන පිළිබඳ ව පොදු මහජනතාවගේ දැනුම්වත්භාවය උදෙසා විශේෂයෙන් සැකසුණු නවතම මහ බැංකු ප්රකාශනය වන “A Guide ti Financial Services in Sri Lanka” දැන් නිකුත් වී ඇත. 1995 නොවැම්බර්සිට 2004 ජූනි දක්වා මහ බැංකු අධිපති වූ ඒ. එස්. ජයවරර්ධන මහතාට උපහාර පිණිස එළිදැක්වුණු මෙම ප්රකාශනය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරිමහතා විසින් රචනා කොට ඇත. ඒ. එස්. ජයවර්ධන මහතාගේ යෝජනාවක් සහ මග පෙන්වීම යටතේ සමරසිරිමහතා විසින් 2002 වසරේඅප්‍රේල් මාසයේ දීමුල් වරට රචනා කොට නිකුත් කළ මෙම ප්රකාශනයේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවාවන් පිළිබඳ මූලික දැනුමක් පොදු මහජනතාවට ලබා දීමයි.