කොවිඩ්-19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 මාර්තු මාසයේ සිට පීඩාවට පත් ණය ගනුදෙනුකරුවන් වෙත සහන සැලසීම සඳහා යෝජනා ක්‍රම කිහිපයක් ම හඳුන්වා දුන් අතර, එයට ණය සහන කාලයක් ලබා දීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම/ප්‍රතිලේඛනගත කිරීම, ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, අඩු වියදම් කාරක ප්‍රාග්ධන ණය ලබා දීම සහ ඇතැම් බැංකු ගනුදෙනු සඳහා අය කල ගාස්තු ඉවත් කිරීම ආදිය ඇතුළත් වේ. මෙම සහන සඳහා පුද්ගලික අංශයේ සේවකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සහ සංචාරක, ප්‍රවාහන, නිෂ්පාදන, සේවා, කෘෂිකර්මය, ඉදිකිරීම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවාවන්හි නිරත අනෙකුත් ව්‍යාපාර හා පුද්ගලයින් ඇතුලත් විය. කෙසේ වෙතත්, කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන් සඳහා ලබා දී තිබූ මෙම සහන කාලයන්ගේ අවසන් අදියර 2021.12.31 දිනෙන් අවසන් වූ අතර සංචාරක අංශයට ලබාදුන් ණය සහන කාලයේ අවසන් අදියර 2022.06.30 දිනෙන් අවසන් විය.