ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් විසින් එ.ජ. ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙලක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහය වීම සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹී ඇත.
ශ්‍රී ලංකාවට ලබා දුන් නව ණය ආධාර වැඩසටහනේ අරමුණු වනුයේ, සාර්ව ආර්ථික ස්ථායීතාව සහ ණය තිරසාරභාවය ස්ථාපිත කරන අතර, මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සහ වංචා හා දූෂණ සිදුවීමේ අවදානම් වැළැක්වීම හා ශ්‍රී ලංකාවේ වර්ධන විභවය ලඟා කර ගැනීම සඳහා වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමයි.