• Statement issued by the Monetary Board on measures taken with respect to the Employees Provident Fund

    සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෑත කාලයේ දී මාධ්‍ය වාර්තා ගණනාවක් ප්‍රකාශයට පත් වී ඇත. 

    මේ වන විට, මුදල් මණ්ඩලයේ උපදෙස් මත, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. මෙ වැනි පරීක්ෂණයක දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින් සිදු කළ කටයුතු ද පරීක්ෂාවට ලක් වන හෙයින්, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම් හා ඒ හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් බාහිර ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන මෙන් නීති ක්‍රියාත්මක කරන බලධාරීන් වෙතින් ද ඉල්ලා ඇත. 

    සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්, විශේෂයෙන් ම එහි ආයෝජන සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, පසුගිය මාස 6 ක කාල සීමාව තුළ මුදල් මණ්ඩලය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මෙකී ක්‍රියාමාර්ග මගින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු වනු ඇත. 

  • Sri Lanka Purchasing Managers' Index Survey - December 2016

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 දෙසැම්බර් මාසයේ දී 58.3 ක දර්ශක අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ 59.7 ක දර්ශක අගයක සිට දෙසැම්බර් මාසයේ දී 59.8 ක දර්ශක අගයක් දක්වා සුළු වශයෙන් ඉහළ යන ලදී.

    ම්පූර්ණ ලිපිය

  • External Sector Performance – September 2016

    වෙළෙඳ හිඟය අඩු වීම සහ සංචාරක ඉපැයීම්වල අඛණ්ඩ ඉහළ යෑමත් සමඟ 2016 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. අපනයන ආදායම ඉහළ යෑම සමඟ ම ආනයන වියදම පහළ යෑම හේතුවෙන් සැප්තැම්බර් මාසය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද, 2015 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ් ව 2016 සැප්තැම්බර් මාසය තුළ දී සංචාරක ඉපැයීම් වර්ධනය විය. තව ද, කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ විදේශීය අයෝජන සහ රජය වෙත වූ දිගු කාලීන ණය ලැබීම් 2016 සැප්තැම්බර් මාසය තුළ මූල්‍ය ගිණුම ශක්තිමත් කිරීම සඳහා දායක විය. 

    සම්පූර්ණ ලිපිය

  • Financial Intelligence Unit of Sri Lanka Entered into a Memorandum of Understanding with Department for Registration of Persons

    2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2017 ජනවාරි 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච්. අමරතුංග මහතා විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදී.

  • External Sector Performance – February 2017

    2017 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළෙඳ ගිණුමේ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයීම් පහළ යෑම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මධ්‍යස්ථ වර්ධනය සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් මන්දගාමී ව පැවතුණි. අපනයන පහළ යෑම සහ ප්‍රධාන වශයෙන් ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යෑම හේතුවෙන් සමස්ත ආනයන වියදම ඉහළ යෑම මධ්‍යයේ පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟයේ සැලකිය යුතු පුළුල් වීමක් වාර්තා විය. පෙබරවාරි මාසය තුළ දී සංචාරක පැමිණීම් සුළු වශයෙන් අඩු වීමත් සමඟ සංචාරක ඉපැයීම් පහළ ගිය අතර, ධාවන පථය අළුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිවා කාලයේ දී වසා තැබීම ඒ සඳහා යම් තරමකට හේතු විය. පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්හි වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා අඩු මට්ටමක පැවතුණි. තව ද, මෙම මාසය තුළ දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් සැලකිය යුතු ගෙවීම් වාර්තා වීම මූල්‍ය ගිණුම වෙත අහිතකර බලපෑමක් ඇති කළේ ය.

  • External Sector Performance - March 2017

    2017 වසරේ මාර්තු මාසයේ දී අපනයන ආදායම, පසුගිය මාස දෙක තුළ දී වාර්තා කළ පහ‍‍ළ යෑමේ ප්‍රවණතාව වෙනස් කරමින් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී සියයට 9.8 කින් වර්ධනය විය.  කෙසේ වෙතත්, අපනයන ආදායම අභිබවා ආනයන වියදම ඉහ‍ළ යෑම හේතුවෙන්  2017 වසරේ මාර්තු මාසයේ දී වෙළෙඳ හිඟය, 2016 වසරේ අනුරූප මාසය හා සැසඳීමේ දී පුළුල් විය. ධාවන පථය අළුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි දෛනික කටයුතු සීමා කිරීම හේතුවෙන් සංචාරක ඉපැයීම්, පෙර මාසයේ දී මෙන් ම අඩුවීමක් වාර්තා කළේ ය. මේ අතර, 2017 මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්හි ද අඩුවීමක් වාර්තා විය.

  • Appointment of a New Deputy Governor

    මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති කේ.ඩී.රණසිංහ මහතා 2017 අප්‍රේල් මස 30 වැනි දින සිට නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත්කර ඇත.

    කේ.ඩී. රණසිංහ මහතා

  • CBSL Denies Incorrect Media Reports on Qatari Riyals

    කටාරි රියාල් භාර නො ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් බැංකුවලට දැනුම් දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ ප්‍රතික්ෂේප කරයි.

  • External Sector Performance - February 2017

    2017 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයීම් පහළ යෑම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මධ්‍යස්ථ වර්ධනය සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් මන්දගාමීව පැවතුණි. අපනයන පහළ යෑම සහ ප්‍රධාන වශයෙන් ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යෑම හේතුවෙන් සමස්ත ආනයන වියදම ඉහළ යෑම මධ්‍යයේ පෙබරවාරි මාසයේ දී වෙළඳ හිඟයේ සැලකිය යුතු පුළුල් වීමක් වාර්තා විය. පෙබරවාරි මාසය තුළ දී සංචාරක පැමිණීම් සුළු වශයෙන් අඩුවීමත් සමඟ සංචාරක ඉපැයීම් පහළ ගිය අතර, ධාවන පථය අළුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිවා කාලයේ දී වසා තැබීම ඒ සඳහා යම් තරමකට හේතු විය. පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්හි වර්ධනය  අපේක්ෂිත මට්ටමට වඩා අඩු මට්ටමක පැවතුණි. තවද, මෙම මාසය තුළ දී  රජයේ සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් සැලකිය යුතු ගෙවීම් වාර්තා වීම මූල්‍ය ගිණුම වෙත අහිතකර බලපෑමක් ඇති කළේය.

  • Inflation in April 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (ජා.පා.මි.ද.) (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මාර්තු මාසයේ දී වාර්තා ක‍ළ සියයට 8.6 හි සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 8.4 දක්වා පහළ ගියේය. 2017 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස 2017 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 5.6 හි සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය.

Pages