උද්ධමනයෙහි සහ උද්ධමන අපේක්ෂාවන්හි හිතකර වර්ධනයන් මෙන් ම, ආර්ථිකයට ළඟා විය හැකි උපරිම වර්ධන මට්ටම සහ පවත්නා වර්ධන මට්ටම අතර පරතරය පුළුල් කිරීමට හේතු වූ සාපේක්ෂ ව අඩු මූර්ත දළ චේශීය නිෂ්පාදිතයේ වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් 2018 අප්‍රේල් මස 3 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේ ය. මෑතක දී දේශීය වෙළෙඳපොළ තුළ දක්නට ලැබුණු පොලී අනුපාතිකවල විචලනය අඩු කිරීමට ද, මෙම තීරණය හේතු වනු ඇතැ යි අපේක්ෂිත ය.
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අඩු කිරීම සඳහා මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණය පහත සඳහන් සාර්ව ආර්ථික වර්ධනයන් මත පදනම් වේ.