• Payment for Deposit Holders of ETI Finance Limited

    ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පී එල් සී යන ආයතන සම්බන්ධ ව 2018.01.02 දින නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයට වැඩිමනත්වයි.

    ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය (ඊ ටී අයි ආයතනය) මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව සලකා බැලීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ ටී අයි ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක පමණ මුදලකට විකිණීම සඳහා ඊ ටී අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය දීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් තීරණය කරන ලදි. තව ද, එ කී ගනුදෙනුව ශ්‍රී ලංකාවේ පවතින නීති රීති සහ රෙගුලාසිවලට අනුකූල ව විය යුතු බවට ද දැනුම් දෙනු ලැබී ය.

  • CBSL Determined to Curb Unwarranted Depreciation of the Rupee

    වර්තමානයේ ආර්ථිකයේ පවතින මූලධර්මයන්ට අනුව, ශ්‍රී ලංකා රුපියල මත ඇති වී  තිබෙන ආකාරයේ අවප්‍රමාණය වීමේ පීඩනයක් ඇති විය නො හැකි ය. වර්තමානයේ දී දළ විදේශීය සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 9.1ක හිතකර මට්ටමක පවතින අතර මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශක මගින් රුපියලේ තරගකාරිත්වය පිළිබිඹු කෙරේ.

  • SL Purchasing Managers’ Index - April 2018

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අප්‍රේල් මාසයේ දී 45.5ක දර්ශක අගයක් වාර්තා කරමින් මාර්තු මාසයට සාපේක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂ ව දර්ශක අගයන් 20.1කින් පහත වැටුණි. පෙර වසරවල දී ද පැවැති ප්‍රවණතාවට අනුකූල ව, මාර්තු මාසයේ දී ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේ දී අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් පසුගාමී විය. මෙ ලෙස නි‍‍ෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශක පහත වැටීම හේතු විය. ගැනුම් තොග සහ සේවා නියුක්ති උප දර්ශක ද අප්‍රේල් මාසයේ දී පහත වැටුණි. තව ද, සැපයුම්කරුවන්ගේ අඩු කාර්ය බහුලත්වය පිළිබිඹු කරමින් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකයේ ඉහළ යෑම අඩු විය.

  • External Sector Performance – February 2018

    2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟයෙේ සැලකිය යුතු පුළුල් වීම මධ්‍යයේ වුව ද සංචාරක පැමිණීම්හි සිදු වූ කැපී පෙනෙන වර්ධනය සහ කොටස් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ශුද්ධ විදේශීය ලැබීම් තුළින් විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය විදහා දැක්වුණි. රත්‍රං ආනයනයේ සිදු වූ ශීඝ්‍ර වැඩි වීම ආසන්න වශයෙන් වසර තුන හමාරක කාලය තුළ දී සමස්ත වෙළෙඳ භාණ්ඩ ආනයනයෙේ සිදු වූ වේගවත් ම වර්ධනය සඳහා මූලික ව ම හේතු වූ අතර එය 2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වීම සඳහා හේතු විය. 2018 ජනවාරි මාසයේ දී දක්නට ලැබුණු වර්ධන ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් 2018 පෙබරවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වැඩි විය. කෙ සේ වුවත්, ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල දක්නට ලැබුණු වර්ධනයෙන් අනතුරු ව 2018 පෙබරවාරි මාසයේ දී එහි අඩු වීමක් පෙන්නුම් කළේ ය.

  • The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates Unchanged

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 මැයි මස 10 වැනි දින පැවති රැස්වීමේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)”, පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා පහසුකම් සැලසීමට අරමුණු කෙරේ. 

  • SL Purchasing Managers’ Index Survey - June 2016

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාස දෙක හා සැසඳීමේ දී යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් 2016 ජූනි මාසයේ දී 55.1ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙය මැයි මාසය හා සාපේක්ෂ ව දර්ශක අගයන් 7.2ක ඉහළ යෑමකි. මෙම වර්ධනය සඳහා නිෂ්පාදන සහ නව ඇණවුම් දර්ශකයන්ගේ සැලකිය යුතු වර්ධනය ප්‍රධාන වශයෙන් දායක විය. මීට අමතර ව ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය පිළිබඳ දර්ශකය හැර අනෙකුත් සියලු ම උප දර්ශක මැයි මාසයට සාපේක්ෂ ව වර්ධනයක් වාර්තා කළේ ය. තව ද, සේවා නියුක්ති දර්ශකය හැරුණු කොට සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ ඉදිරි අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

  • Foreign Sentiment Signals Confidence in Sri Lanka’s Economic Performance and Potential

    මෑත කාලයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව දැඩි අවධානයක් යොමු වී තිබේ. 

    මෙ වැනි වාතාවරණයක් තුළ, ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි පවතින සහයෝගයේ ස්වභාවය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් මැන බැලීම යෝග්‍ය වේ. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ මත පදනම් වන මිනුම් දඬු තාර්කික හා යථාර්ථවත් වන අතර මෙ වැනි මිනුම් දඬු ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව ස්වාධීන දර්ශක ලෙස සැලකිය හැකි යි.

  • The Annual Report of the Central Bank of Sri Lanka for the Year 2017

    1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 68 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය  මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.

  • Clarification on Treasury Bond Service Payments

    ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේ දිනට පෙර අදාළ ගෙවීම් සිදු කිරීමට නො හැකි බව ඉස්මතු කර පෙන්වන සාවද්‍ය මාධ්‍ය වාර්තා පළ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.

    ඉහත සඳහන් මාධ්‍ය වාර්තා නිරවද්‍යතාවෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අතර, රජයේ දේශීය සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් නියමිත පරිදි අඛණ්ඩ ව සිදු කිරීම මගින් ඉතා යහපත් වාර්තාවක් පවත්වා ගෙන යන බව ද අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජිත කාර්යයක් වශයෙන් රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමණාකරණය  සිදු කරමින් නියමිත ක්‍රියා පටිපාටීන්ට අනුව කල් පිරෙන දිනට පෙර නො ව, කල් පිරෙන දිනයේ දී අදාළ පොලී සහ ණය ආපසු ගෙවීම් සිදු කර ඇත.

  • inflation in June 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 මැයි මාසයේ දී වාර්තා කළ සියයට 5.3 සිට 2016 ජූනි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේ ය. 2016 ජූනි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 මැයි මස වාර්තා වූ සියයට 2.7 සිට 2016 ජූනි මස දී සියයට 3.1 දක්වා ඉහළ ගියේ ය. 

Pages