• Financial Intelligence Unit of Sri Lanka entered into a Memorandum of Understanding with the National Center for Financial Information in the Sultanate of Oman

    ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය2025  ජූලි 09 වන දින ලක්සම්බර්ග් හි පැවති එග්මන්ට් සමූහයේ 31 වන සමුළුවේ දී, ඕමාන රාජ්‍යයේ මූල්‍ය තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්‍රිත මූලික වැරදි සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ වරද සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම මගින් පහසුකම් සපයයි.

  • SL Purchasing Managers’ Index (PMI) – June 2025

    2025 ජුනි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

  • Anti-Pyramid National Awareness Week - 14th to 18th July 2025

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

  • Execution of Resolution Action on Nation Lanka Finance PLC [NLFP] under the Banking (Special Provisions) Act, No. 17 of 2023

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩ ව කඩ කරමින්/පටහැනි ව ක්‍රියා කරමින් පැවතුණි. තව ද, ප්‍රාග්ධණ ඌණතාව, වත්කම්වල අඩු ගුණාත්මක බව, අඛණ්ඩ අලාභ ලැබීම් සහ කල්පිරුණු විට දී හෝ ඉල්ලා සිටි විට දී තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට අපොහොසත් වීම හේතු කොට ගෙන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ මූල්‍ය තත්ත්වය පරිහානියට පත් වී ඇත.

  • Central Bank Launches Transformative Financial Literacy Initiatives Towards Building a Financially Literate Sri Lanka

    2025 ජූලි මස 03 වන දින, ශ්‍රී ලංකා මහ බැංකුව “මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ පුළුල් දැක්ම හා සමගාමී ව ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා පෙර දැක්ම  යටතේ පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් දියත් කරමින් සිය මූල්‍ය අන්තර්ගතභාවය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. මෙම මුලපිරීම් මගින් මහජනතාවට නිවැරදි මූල්‍ය තීරණ ගැනීමට හා තිරසර ආර්ථික යහපැවැත්ම උදෙසා ඔවුන්ගේ මූල්‍ය හැසිරීම පරිවර්තනය කිරීම සඳහා ඔවුන්ට දැනුම, කුසලතා සහ ආකල්ප වලින් බලගැන්වීම අරබයා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම සහ උනන්දුව තහවුරු කරයි.

  • IMF Executive Board Completes the Fourth Review Under the Extended Fund Facility with Sri Lanka

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක කරන මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 350ක් පමණ) මූල්‍යන පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශය ලබා දෙන ලදී. මෙය ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පස්වන වාරිකය වන අතර, ඒ අනුව ජා.මූ. අරමුදලෙන් මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍යන සහාය විගැ.හි. බිලියන 1.27ක් (එ.ජ. ඩොලර් බිලියන 1.74ක් පමණ) දක්වා ඉහළ යනු ඇත. ජා.මූ. අරමුදල විසින් 2025 වසරේ ජූලි 03 වන දින පහත දැක්වෙන මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.

  • External Sector Performance - May 2025

    ජංගම ගිණුම් අතිරික්තයක් අඛණ්ඩව මාසිකව වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2025 වසරේ මැයි මාසයේ දී තවදුරටත් ශක්තිමත් විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වැඩිදියුණු වූ අතර එමගින් පුළුල් වූ වෙළඳ ගිණුමේ හිඟය පියවන ලදී.

  • CCPI based deflation eases further in June 2025

    2025 ජුනි මාසයේ දී ද අවධමනය අඛණ්ඩව ලිහිල් වුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 0.7ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 ජුනි මාසයේ දී සියයට 0.6ක සුළු ප්‍රමාණයකින් අඩු වූ අවධමනයක් පෙන්නුම් කළේය.

  • Sri Lanka PMI - Construction rebounded in May 2025

    ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය විය. අප්‍රේල් මාසයේ උත්සව සමය හමුවේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කරන කළහ.

Pages