• Inflation in November 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 ඔක්තෝබර් මාසයේ පැවැති සියයට 8.8ට සාපේක්ෂ ව 2017 නොවැම්බර් මාසයේ දී සියයට 8.4ක් දක්වා පහළ ගියේ ය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 7.1 හි සිට 2017 නොවැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා ඉහළ ගියේ ය. 

  • SL Purchasing Managers’ Index Survey - November 2017

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 නොවැම්බර් මාසයේ දී 58.8ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 4.0ක ඉහළ යෑමකි. ඒ අනුව, 2017 ඔක්තෝ්බර් මාසයට සාපේක්ෂ ව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු ඉහළ වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ. මේ සඳහා විශේෂයෙන් ම උක්සව සමයට සමගාමී ව ආහාර, බීම සහ දුම්කොළ නිෂ්පාදන කටයුතු සඳහා ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් වර්ධනය වූ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක හේතු විය. තව ද, 2017 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව සේවා නියුක්ති සහ ගැනුම් තොග යන උප දර්ශක ද වැඩි වේගයකින් වර්ධනය විය. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය විය. ඒ හැරුණු විට, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළ අතර ඒ අනුව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සමස්තයක් ලෙස වර්ධනයක් පිළිබිඹු වේ.

  • Financial Intelligence Unit of Sri Lanka Entered into a Memorandum of Understanding with Sri Lanka Police

    2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2017 දෙසැම්බර් 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොලීසිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වේ.

    පොලිස්පති පූජිත ජයසුන්දර සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය එච්. අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදි.

  • Ban on Willfully Mutiled, Alterated and Defaced Sri Lankan Currency Notes

    පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීම, හානි කිරීම හා වෙනස් කිරීම පිළිබඳ රෙගුලාසි  ක්‍රියාත්මක කිරීම වෙත ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ අවධානය යොමු කරවයි. ව්‍යවහාර මුදල් නෝට්ටුවල ගුණාත්මක තත්ත්වය පවත්වා ගෙන යාම අරමුණු කර ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය හඳුන්වා දුන් අතර එය අව්‍යාජ හා ව්‍යාජ නෝට්ටු අතර වෙනස හඳුනා ගැනීමට උපකාරී වේ. තව ද, රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සහ ව්‍යවහාර මුදල් නොට්ටු හැසිරවීමේ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම ද මෙයින් බලාපොරොත්තු වේ.

  • SAARCFINANCE Coordinators’ Meeting held in Colombo on 1 September 2016

    The Central Bank of Sri Lanka hosted the 24th SAARCFINANCE Coordinators’ Meeting at the Central Bank premises, Colombo, on 1st September 2016. The 24th SAARCFINANCE Coordinators’ Meeting was attended by SAARCFINANCE Coordinators and Focal Points from the Central Banks and Ministries of Finance in the SAARC region.

    The broad objective of SAARCFINANCE is to promote cooperation among Central Banks and Ministries of Finance in SAARC Member States to forge closer cooperation on macroeconomic policies of Member States and to share experiences and expertise within the region. 

  • External Sector Performance - June 2016

    වෙළෙඳ හිඟය පුළුල් වීමත් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම්වල වර්ධනය සාපේක්ෂ ව අඩු වීමත් සමඟ 2016 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. වසරේ පළමු මාස හතර තුළ දී ක්‍රමික අඩු වීමක් පෙන්නුම් කළ වෙළෙඳ හිඟය මැයි සහ ජූනි මාස තුළ දී අපනයන මෙන් ම ආනයනයන්හි ද සිදු වූ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඉහළ ගියේ ය. වසරේ පෙර මාස සමඟ සැසඳීමේ දී ජූනි මාසය තුළ දී සංචාරක ඉපැයීම් අඩු වර්ධනයක් වාර්තා කළ අතර විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනය ද මධ්‍යස්ථ විය. කෙ සේ නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ පළමු වාරිකය ලැබීම සහ ඒකාබද්ධ ණය පහසුකම මගින් වූ ලැබීම් හේතුවෙන් මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ ගියේ ය.

  • Central Bank of Sri Lanka - 10th International Research Conference

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දසවැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2017 වසරේ දෙසැම්බර් මස 8 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව ප්‍රතිපත්ති සම්පාදන සහ අධ්‍යාපන ආයතනවල පර්යේෂකයන් සඳහා තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර ම මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ නව්‍ය පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් දීප්තිමත් අනාගතයක් සඳහා වූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යන තේමාව යටතේ පවත්වනු ලැබීය.

  • The International Monetary Fund Releases the Fourth Tranche of USD 251.4 million under the Extended Fund Facility

    ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් සම්පූර්ණ කරන ලද අතර ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර්මි ලියන 251.4 ක) වටිනාකමින් යුතු සිව්වැනි වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැර ඇත.

  • The Central Bank Further Strengthens Resolution Measures on Finance Companies

    The Central Bank has observed certain erroneous news items published in few newspapers raising concerns over financial problems confronted by a few licensed finance companies. Therefore, the Central Bank wishes to clarify facts behind the inaccuracy of such news in the public interest.

  • Sri Lanka Purchasing Managers’ Index Survey - August 2016

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූලි මාසයේ දී වාර්තා කළ 50.6 සිට 2016 ගෝස්තු මාසයේ දී 53.5ක් දක්වා දර්ශක අගයන් 2.9කින් ඉහළ ගියේ ය. මේ සඳහ‍ා නව ඇණවුම්, සේවා නියුක්තිය සහ නිෂ්පාදන දර්ශකවල වර්ධනය බෙහෙවින් දායක විය. මෙහි දී පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග දර්ශකය නො වෙනස් ව පැවැති අතර අනෙකුත් සියලු ම උප දර්ශක ඉහළ ගියේ ය. විශේෂයෙන් ම, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. තව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

Pages