• Provincial Gross Domestic Product – 2015

     ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2010වසර පදනම් වර්ෂය ලෙස සලක‍ා (2010 - ස්ථාවර මිල ගණන් යටතේ) සකස් කර ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2015 වසර සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. දළ දේශීය නිෂ්පාදිතය හා සම්බන්ධ එක් එක් අයිතමවල අගයන් පළාත් මට්ටමින් සකස් කර ගත් දර්ශක පදනම් කොට ඒ ඒ පළාත් සඳහා බෙදා හැරීමෙන් පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. 

    2015 වසරේ දී, ස්ථාවර මිල (මූර්ත අගය) අනුව සියයට 4.8කින් වර්ධනය වූ දළ දේශීය නිෂ්පාදිතය පවත්නා වෙළෙඳපොළ මිල (නාමික අගය) අනුව රුපියල් බිලියන 11,183 දක්වා සියයට 7.0කින් වර්ධනය විය. පවත්නා වෙළෙඳපොළ මිල අනුව ගණනය කළ පළාත් දළ දේශීය නිෂ්පාදිතය සංඛ්‍යා සටහන 1හි දක්වා ඇත. 

    සම්පූර්ණ ලිපිය

  • External Sector Performance - May 2016

    වෙළෙඳ හිඟය පුළුල්  වීම, සංචාරක ඉපැයුම් අඛණ්ඩ ව වර්ධනය වීම සහ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වර්ධනය වීම සමඟ 2016 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂ ව ආනයන වියදම සුළු වශයෙන් වර්ධනය වූ අතර තේ, රබර් නිෂ්පාදන සහ රෙදිපිළි සහ ඇඟලුම් අපනයනයන්හි මන්දගාමී ක්‍රියාකාරිත්වය හමුවේ අපනයන ඉපැයුම් අඩු වීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, සමුච්චිත පදනම මත 2016 මැයි මාසය අග වන විට වෙළෙඳ හිඟය ඉහළ යෑමෙන් වූ බලපෑම සංචාරක සේවා මත වූ අඛණ්ඩ ඉපැයීම්, වර්ධනය වූ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ මූල්‍ය ගිණුම වෙත වූ මධ්‍යස්ථ ලැබීම් ප්‍රමාණය සමඟ තරමක් දුරට සමනය විය.

    සම්පූර්ණ ලිපිය

  • Economic and Social Statistics of Sri Lanka - 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවේ  වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයේ දළ දේශීය නිෂ්පාදිතය, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය බැංකු, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා විදුලි සංදේශ සේවා, ජනගහනය සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් සොයා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ තොරතුරු ද මෙහි ඇතුළත් කර ඇත. තව ද, මූලික ආර්ථික විචල්‍යයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද පළාත් මට්ටමින් මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ.

  • Clarification over Recent Media Reports on Recording of Government Debt

    2018 පෙබරවාරි 8 වැනි දින රාජ්‍ය ණය වාර්තා කිරීම සහ ගිණුම් පවත්වා ගැනීම පිළිබඳ ව පැවැති මාධ්‍ය වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. 

  • SL Purchasing Managers’ Index Survey - July 2016

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූනි මාසයේ වාර්තා කළ 55.1 සිට 2016 ජූලි මාසයේ දී 50.6ක් දක්වා පහළ ගියේ ය. මෙහි දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සහ උප දර්ශක මැයි මාසයට ස‍ාපේක්ෂ ව ජූනි මාසයේ දැක් වූ සැලකිය යුතු වර්ධනයෙන් පසු ව ජූලි මාසය තුළ දී මෙ ලෙස මන්දගාමී වී ඇත. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන දර්ශකවල පහත වැටීම ප්‍රධාන වශයෙන් හේතු විය. තව ද, සේවා නියුක්ති සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහත වැටුණි. නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා අඩු අගයක් වාර්තා කළ ද නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් සමස්ත දර්ශකය වර්ධනය විය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

  • Issue of a Circulation Standard Commemorative Currency Note to Mark the 70th Independence Celebration of Sri Lanka

    2018 පෙබරවාරි 4 දිනට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1000 ක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 4 වැනි සමරු මුදල් නෝට්ටුව ද වේ.

    සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්‍ෂණ සළකුණු දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව හා සමාන වන අතර පහත සඳහන් වෙනස්කම් පමණක් සිදු කර ඇත.

  • External Sector Performance - November 2017

    රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සඳහා විදේශීය ආයෝජන ඉහළ යෑම හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඛණ්ඩ ව ඉහළ යෑම සහ සංචාරක ඉපැයීම්වල සුළු වර්ධනය, 2017 වසරේ නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සඳහා හිතකර ලෙස දායක විය. 2016 නොවැම්බර් මාසයේ දී අපනයන වටිනාකම අඩු අගයක් ගැනීම හේතුවෙන් 2017 නොවැම්බර් මාසයේ දී අපනයන අංක දෙකක අගයක වර්ධනයක් වාර්තා කරනු ලැබුව ද, ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා භූ-දේශපාලනික තත්ත්වය හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව පහත වැටුණි. ඒ අනුව, 2017 වසරේ නොවැම්බර් අවසානය වන විට ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.0 ක අතිරික්තයක් වාර්තා කළේය.

  • Inflation in December 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ පැවැති සියයට 8.4ට සාපේක්ෂ ව 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.3ක් දක්වා පහළ ගියේ ය. 2016 දෙසැම්බර් මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙම පහළ යෑමට හේතු විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.5 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.7 දක්වා ඉහළ ගියේ ය.

  • SL Purchasing Managers’ Index Survey - December 2017

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 දෙසැම්බර් මාසයේ දී 59.1ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 නොවැම්බර් මාසයට සාපේ්ක්ෂ ව දර්ශක අගයයන් 0.3ක සුළු ඉහළ යෑමකි. ඒ අනුව 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු වැඩි වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ. මේ සඳහා විශේෂයෙන් ම නිෂ්පාදන උප දර්ශකයේ ඉහළ යෑම හේතු විය. තව ද, 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග සහ සේවා නියුක්ති යන උප දර්ශක ද වැඩි වේගයකින් වර්ධනය වූ අතර නව ඇණවුම් උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය විය. ඒ හැරුණු විට. සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද අතර ඒ අනුව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සමස්තයක් ලෙස වර්ධනයක් පිළිබිඹු කළේ ය.

  • Statement Issued by the Central Bank of Sri Lanka

    2008 - 2014 කාල සීමාව තුල රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේ දී කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳ ව වහාම ප්‍රකාශයක් කරන ලෙස මහ බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. 

    මෙහි දී 2018 ජනවාරි 11 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශය වෙත අවධානය යොමු කරනු ලැබේ. එහි අවසාන ඡේදයේ වෝහාරික විගණනයක් සිදු කිරීම පිළිබඳ ව සඳහන් කොට ඇත. එකී විගණනයේ දී 2008 - 2014 කාල සීමාව තුළ සිදු වූ රජයේ සුරැකුම්පත් සහ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු පිළිබඳ ව විමසා බැලෙනු ඇති අතර මෙම විගණනය බාහිර පාර්ශ්වයක් විසින් සිදු කෙරෙනු ඇත. වෝහාරික විගණනය අවසාන වීමට පෙර මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කිරීම යෝග්‍ය නො වේ.

Pages