• CCPI in May 2025 indicates a continued easing of deflationary conditions

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් අවධමන තත්ත්වයෙහි පෙන්නුම් කළ ලිහිල් වීම 2025 මැයි මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.0ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 මැයි මාසයේ දී සියයට 0.7ක පහළ අවධමනයක් පෙන්නුම් කළේය

  • External Sector Performance – April 2025

    විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරමින්, 2025 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම අතිරික්තයක් ලෙස පවතී.

    2024 වසරේ අප්‍රේල් සහ 2025 වසරේ මාර්තු යන මාස දෙකටම සාපේක්ෂව 2025 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය. මෙයට හේතුව වෙළඳ භාණ්ඩ අපනයන වර්ධනයට (10.4%, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ආනයනය ඉහළ වේගයකින් (17.5%, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) වර්ධනය වීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම මෝටර් රථ ආනයනය (එ. ජ. ඩො. මිලියන 134) හේතු විය.

  • Sri Lanka PMI - Construction indicates a seasonal contraction in April 2025

    පසුගිය වසරවල අලුත් අවුරුදු සමයේ පැවති රටාව පෙන්නුම් කරමින්, සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025  අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 41.4ක් දක්වා පහත වැටුණි. කෙසේ වෙතත්, පෙර වසරේ අනුරූප මාසය හා සැසඳීමේ දී,  2025 අප්‍රේල් මාසයේ පහත වැටීම සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි. අලුත් අවුරුදු සැමරුම් හේතුවෙන් සිය ඉදිකිරීම් ස්ථාන බොහොමයක් මෙම මාසය තුළ දිගු කාලයක් තාවකාලිකව වසා දමා තිබූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවෝ සඳහන් කළහ.

  • Central Bank of Sri Lanka holds the Financial Stability Conference to celebrate the 75th Anniversary

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම සඳහා සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව ආරක්ෂා කරමින් මෑත අතීතයේ දී මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගැනීමේ දී ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වය පිළිබිඹු කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම සඳහා 2025 මැයි 23 වන දින කොළඹ දී මූල්‍ය ස්ථායීතා සමුළුව පැවැත්වීය. කලාපීය සහ ජාත්‍යන්තර විශේෂඥතාව ඒකාබද්ධ කරමින්, මූල්‍ය ස්ථායීතා අභියෝග සහ ප්‍රතිපත්ති ප්‍රතිචාර පිළිබඳ අත්දැකීම් සහ අවබෝධයන් බෙදා ගැනීමට මෙම සමුළුව වටිනා අවස්ථාවක් ලබා දුන් අතර, එමගින් දේශීය මෙන්ම විදේශීය වශයෙන් සහභාගී වූ පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ හිමි විය. 

  • Central Bank of Sri Lanka hosted the FSB RCG Asia Meeting in Colombo on 22 May 2025

    මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි (Financial Stability Board) ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම (Regional Consultative Group for Asia) 2025 මැයි 22 වන දින කොළඹ දී රැස් විය. 2024 අප්‍රේල් මාසයේ දී ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීම සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව මෙම රැස්වීමෙහි සත්කාරකත්වය දැරූ දෙවන අවස්ථාව මෙය විය.

  • The Central Bank of Sri Lanka further reduces the Overnight Policy Rate (OPR)

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී, මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය.  දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම ලිහිල් කරන ලද  මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අඩු  උද්ධමන පීඩන මධ්‍යයේ උද්ධමනය 5%ක ඉලක්කය කරා ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. 

  • SL Purchasing Managers’ Index (PMI) – April 2025

    2025 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින්, පෙර වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන අතර, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

  • Central Bank of Sri Lanka Launches the Sustainable Finance Roadmap 2.0

    දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන සහ සමාජීය වශයෙන් සැමට ප්‍රතිලාභ අත්වන මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි 05 වන දින තිරසර මූල්‍ය පෙරදැක්ම 2.0 මහ බැංකු සන්ථාගාරයේ දී දියත් කරන ලදී.

  • External Sector Performance – March 2025

    2023 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම් සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව ශක්තිමත් විය.

  • CCPI in April 2025 signals a further easing of deflationary conditions

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආරම්භ වූ අවධමන තත්ත්වය ලිහිල්වීම 2025 අප්‍රේල් මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 2.6ක අවධමනයට සාපේක්ෂව 2025 අප්‍රේල් මාසයේ දී සියයට 2.0ක පහළ අවධමනයක් වාර්තා කළේය.

Pages