ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 66 වැනි වාර්ෂික වාර්තාව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් පිළිගැන්වූ අතර 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ද පිළිගන්වන ලදි.
-
The Annual Report of the Central Bank of Sri Lanka for the Year 2015
-
IMF Reaches Staff Level Agreement with Sri Lanka on Three-Year $1.5 Billion EFF
End-of-Mission press releases include statements of IMF staff teams that convey preliminary findings. The views expressed in this statement are those of the IMF staff and do not necessarily represent the views of the IMF’s Executive Board. Based on the preliminary findings of this mission, staff will prepare a report that, subject to management approval, will be presented to the IMF's Executive Board for discussion and decision.
Following discussions held between IMF staff and the Sri Lankan authorities during the 2016 Spring Meetings in Washington, staff-level agreement was reached on a three-year program to be supported by the IMF’s Extended Fund Facility (EFF).
Mr. Todd Schneider, IMF mission chief for Sri Lanka, made the following statement:
-
Appointment of New Assistant Governors
The Monetary Board, at its meeting held on 05th April 2016 has promoted Miss. K Saravanamuttu and Mr. E A Hettiarachchi; Mr. R A A Jayalath, Mr. K M M Siriwardana and Mr. S J A Handagama, five Staff Class Grade IV officers, to the post of Assistant Governor with effect from 05th April 2016, 16th April 2016, 12th June 2016, and 18th June 2016, respectively. These promotions have been made in line with the succession plan of the Bank and to address the new challenges of the Central Bank.
-
The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates at Current Levels
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 ඔක්තෝබර් මස 01 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී.
මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීම මගින් ආර්ථික වර්ධනයට සහාය වීමේ අරමුණ ඇති ව දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණයට එළඹී ඇත.
-
External Sector Performance - January 2016
2016 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. 2016 ජනවාරි මාසයේ දී වෙළෙඳ හිඟය අඩු වූ අතර සංචාරක ඉපැයීම් ලෙස වූ විදේශ විනිමය ලැබීම්හි සාපේක්ෂ ඉහළ වර්ධනයක් වාර්තා විය. තව ද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් වූ ලැබීම් ද මෙම කාල පරිච්ඡේදය තුළ දී ඉහළ ගියේ ය. 2016 ජනවාරි මාසයේ දී අපනයන ආදායමේ සිදු වූ අඩු වීමට සාපේක්ෂ ව ප්‍රධාන වශයෙන් ඉන්ධන, මෝටර් රථ සහ සහල් ආනයනයේ සිදු වූ පහළ යෑම මගින් ආනයන වියදමේ සිදු වූ ඉහළ අඩු වීම හේතුවෙන් වෙළෙඳ හිඟය අඩු විය. කෙ සේ නමුත් මෙම කාල පරිච්ඡේදය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් වාර්තා විය.
-
IMF Staff Concludes Visit to Sri Lanka to Discuss Progress of Economic Reform Program - September 27, 2018
සාමාජික රටක සංචාරය අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් ඉදිරිපත් කරන මූලික නිරීක්ෂණ, දූත මෙහෙයන්ගේ සමාප්තිය දක්වන පුවත්පත් නිවේදන තුළ අන්තර්ගත වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමේ අදහස් වන අතර, එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය අත්‍යවශ්‍යයෙන්ම පිළිබිඹු නොවේ. මෙම දූත මෙහෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවලට බඳුන් නො වේ.
-
Monetary Policy Review - May 2016
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් වර්ධනය 2016 පෙබරවාරි මස පැවැති සියයට 19.8 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 18.9ක වර්ධනයක් වාර්තා කරමින් මන්දගාමී විය. පුළුල් මුදල් වර්ධනය සඳහා දේශීය ණය ප්‍රසාරණය ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එයින් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණයවල වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනය පෙර මාසයේ දී වාර්තා වූ සියයට 26.5 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 27.7ක් විය. ණය සපයන ලද අංශ අනුව ව්‍යාප්තිය සැලකීමේ දී කර්මාන්ත හා සේවා අංශ සඳහා ලබා දුන් ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පැවැති අතර පුද්ගල ණය සහ අත්තිකාරම් ද සැලකිය යුතු ඉහළ යෑමක් වාර්තා කළේ ය. මේ අතර මෑතක දී අනුගමනය කරනු ලැබූ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ දේශීය මුදල් වෙළෙඳපොළ අතිරික්ත රුපියල් ද්‍රවශීලතාව පහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් කෙටි කාලීන මුදල් වෙළෙඳපොළ අනුපාතික සහ අනෙකුත් වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑමක් දක්නට ලැබුණි.
-
Opening of Bank Accounts for the Disaster Relief Fund of the Government of Sri Lanka
The Government of Sri Lanka has opened the following bank accounts at Sampath Bank PLC to facilitate collection of donations from both Sri Lankans and foreign philanthropists to provide relief to victims of floods and landslides which occurred in May 2016.
-
Inflation in April 2016
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්රතමේන්තුව මගින් ගණනය ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලකෂ්‍යමය පදනම මත 2016 මාර්තු මාසයේ දී වාර්තා කළ සියයට 2.2 හි සිට 2016 අප්‍රේල් මාසයේ දී සියයට 4.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර හා මධ්‍යසාර නො වන පාන වර්ග; මධ්‍යසාර පාන හා දුම්කොළ; රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෞඛ්‍ය; ප්‍රවාහන; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන; ආපන ශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩ 2016 අප්‍රේල් මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය සඳහා බලපා ඇත.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 මාර්තු මස වාර්තා වූ සියයට 2.4හි සිට 2016 අප්‍රේල් මස දී සියයට 2.6 දක්වා ඉහළ ගියේ ය.
-
Release of 'Sri Lanka Socio-Economic Data - 2018' Publication
ශ්‍රී ලංකා මහ බැංකුවේ, 'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2018' වාර්ෂික ප්‍රකාශනයේ 41 වෙනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.
පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සංසන්දනාත්මක ව ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන අංශ 14ට අදාළ නවතම දත්ත ඇතුළත් වේ.