ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 අගෝස්තු මාසයේ පැවති සියයට 7.9 ට සාපේක්ෂ ව 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.6 ක් දක්වා ඉහළ ගියේ ය. 2017 සැප්තැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 6.5 හි සිට 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේ ය.