ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කළ අතර, දැනට ලැබී ඇති තොරතුරු අනුව ගනුදෙනුකරුවන් 4,630කට අදාළ යම් බැංකු තොරතුරු අතපසුවීමකින් නිකුත් වී ඇති බව මහජනතාව වෙත දන්වා සිටී. තව ද, මෙම සිදුවීම හැටන් නැෂනල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට අදාළ තොරතුරු භාවිතය සහ කළමනාකරණය සම්බන්ධ අභ්‍යන්තර දුර්වලතා හේතු කොට ගෙන සිදු වී ඇති බව පෙනී යයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව මගින් තව දුරටත් පරීක්ෂණ සිදු කෙරේ.
ඒ අනුව, ඉහත සිද්ධියට අදාළ වගකිව යුත්තන්ට එරෙහි ව ක්‍රියා කිරීම සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන සහ අධීක්ෂණ සම්මුතීන්ට අනුව අතුරු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.