• CCPI based headline inflation remained unchanged in November 2025

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර මාසයට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවතුණි.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.5හි සිට 2025 නොවැම්බර් මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.4ට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය.

  • External Sector Performance – October 2025

    2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයෙහි ජංගම ගිණුම අඛණ්ඩව දෙවන මාසයටත් හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, 2025 වසරේ පළමු මාස දහය සඳහා මුළු ජංගම ගිණුම් අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇත.

    2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගිය අතර, මෙයට ප්‍රධාන වශයෙන් ම ආනයනවල සැලකිය යුතු ඉහළ යෑම හේතු විය.

  • Sri Lanka PMI - Construction continued to expand in October 2025

    ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 64.3ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයේ දී වාර්තා වූ ඉහළම අගයට පසුව වාර්තා වූ මෙම ඉහළ අගය මගින් ඉදිකිරීම් කටයුතුවල තිරසාර ධනාත්මක දැක්මක් පෙන්නුම් කරයි.

  • The Central Bank of Sri Lanka keeps the Overnight Policy Rate (OPR) unchanged

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස් ව පවත්වා ගැනීමට තීරණය කළේ ය. වෙනස්වන දේශීය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

  • Notice to General Public on Prohibited Pyramid Schemes

    1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව  SGO/sgomine.com” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත.

  • SL Purchasing Managers’ Index (PMI) – October 2025

    2025 ඔක්තෝබර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 61.0ක අගයක් වාර්තා කළේය. මෙම වැඩිවීම පුළුල් පදනමක් මත සිදුවූ අතර සියළුම උප දර්ශක මෙම ප්‍රසාරණය සඳහා ධනාත්මක ලෙස දායක විය. 

  • Public Consultation on Amendments to the Finance Business Act, No.42 of 2011 (FBA)

    මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මුදල් ව්‍යාපාර විමර්ශනය කිරීම සහ නඩු පැවරීම, ශක්‍ය නොවන මුදල් සමාගම් නිරාකරණය සහ ගණන් බේරා වසා දැමීම යන අවශ්‍යතා හඳුනා ගනිමින්, මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර ඇත. 

  • CCPI based headline inflation further accelerated as expected towards the target in October 2025

    උද්ධමන ඉලක්කය කරා අඛණ්ඩව ලඟා වීම පෙන්නුම් කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට අනුකූලව යමින්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.5හි සිට 2025 ඔක්තෝබර් මාසයේ දී සියයට 2.1 දක්වා ඉහළ ගියේය. 

  • Sri Lanka PMI - Construction increased in September 2025

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල 2021 වසරේ අග භාගයේ සිට වාර්තා වූ ඉහළම වැඩිවීම වාර්තා කරමින්,  2025 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 67.6ක අගයක් දක්වා ඉහළ ගියේය. ව්‍යාපෘති අවස්ථා අඛණ්ඩව පැවතීම මගින් ඉදිකිරීම් අංශයේ වර්ධනය සඳහා ස්ථාවර පදනමක් සපයා ඇති බව ප්‍රතිචාර දැක්වූවන් විසින් අවධාරණය කරන ලදී.

  • External Sector Performance – September 2025

    2025 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයෙහි මාසික ජංගම ගිණුමෙහි අඛණ්ඩ අතිරික්තයන් වාර්තා කිරීමෙන් පසුව, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, පළමු මාස නවය සඳහා ජංගම ගිණුමෙහි සමුච්චිත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

    ප්‍රධාන වශයෙන් වාහන ආනයනය වැඩිවීම හමුවේ ආනයන වියදම එ.ජ. ඩොලර් බිලියන 2ක් ඉක්මවා යාම හේතුවෙන්, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගියේය.

Pages