ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 අංක 05 දරන බලපත්‍රලාභී බැංකු සඳහා ආයතනික යහපාලනය යන බැංකු පනත් විධාන 2024.09.30 දින නිකුත් කිරීම පිළිබඳ මෙයින් නිවේදනය කරනු ලැබේ. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මෙතැන් සිට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) ආයතනික යහපාලන ක්‍රියාවලීන් සහ භාවිතයන් ශක්තිමත් කර එමගින් නිසි වගකීමෙන් සහ වගවීමකින් යුතුව බැංකු ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම තුලින් බැංකු අංශයේ සහ සමස්ත මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව හා ශක්තිමත්බව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම විධාන නිකුත් කරන ලදී.
-
Strengthening Corporate Governance Practices in Licensed Banks
-
CCPI based headline inflation dipped into the negative territory in September 2024
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 සැප්තැම්බර් මාසයේ දී සියයට ඍණ 0.5ක අගයක් වාර්තා කළ අතර, මෙය 2015 සැප්තැම්බර් මාසයට පසුව උද්ධමනය ඍණ අගයක් (අවධමනයක්) පෙන්නුම් කළ පළමු අවස්ථාව වේ.
-
External Sector Performance August 2024
පසුගිය මාසයට සාපේක්ෂව සංචාරක ඉපැයීම් අඩු වුවද, ඉහළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ අපනයනවල කැපී පෙනෙන වැඩිවීමක් සමඟින් 2024 වසරේ අගෝස්තු මාසයේ දී විදේශීය අංශය ධනාත්මක ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගෙන ගියේය.
-
SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – August 2024
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 අගෝස්තු මාසය තුළ දී දර්ශකාංක 51.4 ක අගයක් වාර්තා කරමින් එයට පෙර මාසයේ පැවති සැලකිය යුතු ඉහළ මට්ටමේ සිට අඩු වේගයකින් වුවද ඉහළ ගියේය. තවද, පෙර මාසයට සාපේක්ෂව ඉදිකිරීම් කර්මාන්තයේ මෙහෙයුම් බොහෝ දුරට නොවෙනස්ව පැවති බව පෙන්නුම් කරමින් අනෙකුත් බොහෝ දර්ශක ද කඩඉම් මට්ටම ආසන්නයේ පැවතුණි.
-
Release of “Sri Lanka Socio-Economic Data – 2024” Publication
ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2024" වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.
-
The Central Bank of Sri Lanka maintains policy interest rates at their current levels
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 සැප්තැම්බර් මස 26 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය.
-
Functioning of Banks on 23rd September 2024
රජය විසින් 2024-09-23 දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් කරන ලද දැනුම් දීම පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් නිකුත් කරන ලද 2024-09-21 දිනැති විශේෂ ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධයෙනි.
-
Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - August 2024
2024 අගෝස්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 55.5ක් වාර්තා කරමින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුව ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරනු ලැබීය. මෙහිදී, සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩයිම් මට්ටමට වඩා ඉහළ අගයක් වාර්තා කරන ලදී.
-
Relaxation of the period applicable for exporters of goods to convert their export proceeds into Sri Lanka Rupees
සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති" නිකුත් කරන ලද අතර එය 2024.07.01 දිනැති අංක 2391/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
-
Central Bank of Sri Lanka Co-hosted the 5th CBSL-ADBI-APAEA Macroeconomics Conference
ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2024 වසරේ සැප්තැම්බර් මස 06වන දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව සමසත්කාරකත්වය දැරීය. මෙම වසරේ සමුළුවේ තේමාව ‘ආසියාවේ සහ පැසිෆික් කලාපයේ උද්ධමනය සහ විනිමය අනුපාත ප්‍රවනතා’ (Inflation and Exchange Rate Dynamics in Asia and Pacific) ලෙස දැක්විණි.