• CCPI based headline inflation decelerated sharply in August 2024

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  2024 ජූලි මාසයේ පැවති සියයට 2.4හි සිට 2024 අගෝස්තු මාසයේ දී  සියයට 0.5ක් දක්වා තියුණු ලෙස පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

  • Release of ‘Economic and Social Statistics of Sri Lanka – 2024’

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන වාර්ෂික ආර්ථික හා සමාජ සංඛ්‍යාන දත්ත නිකුතුව වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2024” මහජනතාවගේ පරිශීලනය සඳහා සිංහල භාෂාවෙන් දැන් නිකුත් කර ඇත.

  • External Sector Performance July 2024

    වෙළඳ හිඟයේ පුළුල් වීමක් පැවතිය ද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ඉපැයීම් ඉහළ යෑම සමඟ ජූලි මාසයේ දී විදේශීය අංශයෙහි ශක්තිමත් බව අඛණ්ඩව පැවතුනි.

    වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ මේ දක්වා වාර්තා වූ ඉහළම මාසික වෙළෙඳ හිඟය වාර්තා කරමින් 2024 වසරේ ජූලි මාසයේ දී වාර්ෂික ලක්ෂමය පදනම මත පුළුල් විය.

  • SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – July 2024

    ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 ජූලි මාසයේදී දර්ශකාංක 62.9 ක අගයක් වාර්තා කරමින් තවදුරටත් ඉහළ ගියේය. ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු සඳහන් කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් බහුපාර්ශ්වික ආයතන මගින් අරමුදල් සපයන ව්‍යාපෘති දායක වී ඇත.

  • Land Valuation Indicator – First Half of 2024

    කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 6.9 ක වැඩි වීමක් වාර්තා කරන ලදී. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 8.5ක, 8.5ක සහ 3.7ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් දායක වන ලදී. අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක 2024 වසරේ පළමු භාගයේ දී, 2023 වසරේ දෙවන භාගයේ දී වාර්තා වූ අගයන්ට සාපේක්ෂව වැඩි වේගයකින් වර්ධනය වී ඇත. තවද, වාණිජ සහ නේවාසික අනු දර්ශක වලට සාපේක්ෂව කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වැඩි වී ඇති බව නිරීක්ෂණය විය.

  • The Central Bank of Sri Lanka releases the Monetary Policy Report – August 2024

    2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.

  • Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - July 2024

    2024 ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජූලි මාසයේ දී  දර්ශකාංක 59.5ක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යෑම  දායක විය.

  • Financial Intelligence Unit of Sri Lanka entered into a Memorandum of Understanding with the Registrar General of the Registrar General’s Department

    භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා 2024 අගෝස්තු 06 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම අවබෝධතා ගිවිසුමට එළැඹෙන ලදී.

  • IMF Staff Concludes Visit to Sri Lanka

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2024 ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි.

  • The Central Bank of Sri Lanka publishes its inaugural Market Operations Report

    ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) විසින් ක්‍රියාත්මක කරනු ලබන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය ඉහළ නැංවීම සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මහ බැංකුව විසින් සිය ප්‍රථම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවට අනුකූලව එහි පුළුල් සන්නිවේදන උපායමාර්ග යටතේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම මඟින් මහ බැංකුවේ කටයුතුවල විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා ද වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව උපකාරී වනු ඇත.

Pages