• The Annual Report of the Central Bank of Sri Lanka for the Year 2017

    1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 68 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය  මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.

  • Clarification on Treasury Bond Service Payments

    ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේ දිනට පෙර අදාළ ගෙවීම් සිදු කිරීමට නො හැකි බව ඉස්මතු කර පෙන්වන සාවද්‍ය මාධ්‍ය වාර්තා පළ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.

    ඉහත සඳහන් මාධ්‍ය වාර්තා නිරවද්‍යතාවෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අතර, රජයේ දේශීය සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් නියමිත පරිදි අඛණ්ඩ ව සිදු කිරීම මගින් ඉතා යහපත් වාර්තාවක් පවත්වා ගෙන යන බව ද අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජිත කාර්යයක් වශයෙන් රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමණාකරණය  සිදු කරමින් නියමිත ක්‍රියා පටිපාටීන්ට අනුව කල් පිරෙන දිනට පෙර නො ව, කල් පිරෙන දිනයේ දී අදාළ පොලී සහ ණය ආපසු ගෙවීම් සිදු කර ඇත.

  • inflation in June 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 මැයි මාසයේ දී වාර්තා කළ සියයට 5.3 සිට 2016 ජූනි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේ ය. 2016 ජූනි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 මැයි මස වාර්තා වූ සියයට 2.7 සිට 2016 ජූනි මස දී සියයට 3.1 දක්වා ඉහළ ගියේ ය. 

  • Inflation in March 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2017 නොවැම්බර් මස සිට අඛණ්ඩ ව පහළ යන නැඹුරුවක් පෙන්නුම් කළේ ය. ඒ අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.2ට සාපේක්ෂ ව 2016 අප්‍රේල් මස සිට වාර්තා වූ අඩු ම අගය වන සියයට 2.8ක් දක්වා 2018 මාර්තු මාසයේ දී පහළ ගියේ ය. 2018 මාර්තු මාසයේ දී පැවති සතුටුදායක සැපයුම් තත්ත්ව හේතුවෙන් ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම 2018 මාර්තු මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම සැලකිය යුතු පහළ යෑමට හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 7.2 සිට 2018 මාර්තු මාසයේ දී  සියයට 6.7 දක්වා පහළ ගියේ ය.

  • IMF Reaches Staff-Level Agreement on the Fourth Review of Sri Lanka’s Extended Fund Facility

    කොළඹ දී  සහ වොෂින්ටන් නුවර පැවැති වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුර දී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරු ව ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසේ ප්‍රධානී මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මිය විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.

  • Monetary Policy Review – July 2016

    ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනකාරී පීඩන ආර්ථිකය තුළ ඉස්මතු වීම පිළිබිඹු කරමින් මූලික හා මතුපිට උද්ධමන අනුපාතික ඉහළ යෑමේ ප්‍රවණතාව තවදුරටත් පැවැතුණි. අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් සැපයුම් අංශයේ සිදු වූ අඩාල වීම් හා රජය විසින් බදු ව්‍යුහයේ සිදු කරන ලද වෙනස්කම් ද පසුගිය මාස දෙක තුළ උද්ධමනය ඉහළ යෑම සඳහා හේතු වී ඇත. මේ අතර දැනට පවතින දර්ශකවලට අනුව මූර්ත අංශයේ ආර්ථික ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් තෙරේ. විශේෂයෙන් ම බලශක්ති උත්පාදනය, සංචාරක හා වරාය ආශ්‍රිත සේවා, ඉදිකිරීම්, ආයෝජන භාණ්ඩ ආනයනය මෙන් ම නිෂ්පාදන හා සේවා අංශ සඳහා වන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක (Purchasing Managers' Index - PMI) පසුගිය මාස කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.

  • External Sector Performance - April 2016

    2016 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. ප්‍රධාන වශයෙන් රථවාහන සහ සහල් ආනයනයේ වූ පහළ යෑම නිසා අපනයන ආදායම්වල සිදු වූ අඩු වීමට සාපේක්ෂ ව ආනයන වියදම්වල සිදු වූ අඩු වීම ඉහළ අගයක පැවැතීම හේතුවෙන් 2016 අප්‍රේල් මාසයේ දී වෙළෙඳ හිඟය අඩු විය. අප්‍රේල් මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් අඩු වුව ද සංචාරක ඉපැයීම් ඉහළ යෑම හේතුවෙන් ගෙවුම් තුලනයේ ජංගම ගිණුම ශක්තිමත් වූ අතර මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් තවදුරටත් මධ්‍යස්ථ මට්ටමක පැවැතුණි.

    සම්පූර්ණ ලිපිය

  • Appoinment of Mr Nihal Fonseka as a Member of the Monetary Board

    Mr Anthony Nihal Fonseka has been appointed by His Excellency the President as a Member of the Monetary Board of the Central Bank of Sri Lanka with effect from July 27, 2016 in terms of Section 8(2)(c) of the Monetary Law Act.

  • SL Purchasing Managers’ Index - March 2018

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 55.6ක දර්ශක අගයට සාපේක්ෂ ව, මාර්තු මාසයේ දී මාස 12කින් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කරමින්, 65.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙ මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර එය පසුගිය වසරවල පැවැති ප්‍රවණතාවන්ට ද අනුකූල විය. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑම කෙරෙහි, නව ඇණවුම් සහ නිෂ්පාදන උපදර්ශකයන්හි ඉහළ යෑම මගින් ද පෙන්නුම් කළ පරිදි, උත්සව සමයේ ඇති වන ඉල්ලුමේ වර්ධනය හේතු විය. ගැනුම් තොග සහ සේවා නියුක්තිය යන උප දර්ශක ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ ගියේ ය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ යෑම ද, සමස්ථ දර්ශකයේ ඉහළ යෑම සඳහා ධනාත්මක ව බලපෑවේ ය. කෙ සේ වුව ද, බොහොමයක් ප්‍රතිචාර දක්වන්නන්, විශේෂයෙන් ම රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශයේ, පුහුණු සහ නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීම අපහසු කටයුත්තක් බව සඳහන් කළේ ය.

  • Public Awareness on Virtual Currencies in Sri Lanka

    ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies)  පිළිබඳ ව තිබෙන උනන්දුව වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත. 

    ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලික ව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකවලට “අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්කොයින්  (Bitcoin),  ලයිට්කොයින් (Litecoin) සහ එතීරියම් (Ethereum) වැනි අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ය. මෙම අතථ්‍ය මුදල් මහ බැංකු විසින් නිකුත් කරන ලද මුදල් නො වේ. 

Pages