ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 අප්‍රේල් මාසයේ දී වාර්තා කළ සියයට 4.3 හි සිට 2016 මැයි මාසයේ දී සියයට 5.3 දක්වා ඉහළ ගියේ ය. ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම කෙරෙහි නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන උප කාණ්ඩය හැරුණු විට අනෙකුත් ආහාර නො වන කාණ්ඩ මෙන් ම ආහාර කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 අප්‍රේල් මස වාර්තා වූ සියයට 2.6 හි සිට 2016මැයි මස දී සියයට 2.7 දක්වා ඉහළ ගියේ ය.