• The Central Bank of Sri Lanka issues a Circulation Standard Commemorative coin to mark 150th Anniversary of Faculty of Medicine, University of Colombo

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය පීඨය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය විසින් ලබා දුන් ජාතික දායකත්වය අගයමින් එහි 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙම කාසිය නිකුත් කිරීම කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී.

  • The Central Bank of Sri Lanka issues a Circulation Standard Commemorative Coin to mark 150th Anniversary of Census of Population and Housing in Sri Lanka

    ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය සැපයීමේ අතිශය වැදගත් අවස්ථාවක් වන ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.20 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙම කාසිය නිකුත් කිරීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 දී පවත්වන ලද අතර 2021 වර්ෂය එහි 150 වන සංවත්සරය සනිටුහන් කරයි. 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ එහි සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එසේ වුවද, කෝවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් ජන හා නිවාස සංගණනය 2022 - 2023 දක්වා කල් දමන ලදී.

  • Proposed additional incentive scheme for expatriate workers’ remittances and exporters to be rescinded

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීභාවයට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම්  දිරි ගැන්වීම සඳහා ලබාදුන්  දිරි දීමනා මට්ටම ඉක්මවා ගොස් ඇති බව පෙනේ.   

  • Condominium Market Survey - Fourth Quarter 2021

    The Condominium Property Volume Index has increased significantly during Q4, 2021 with a notable increase of 49.0 per cent compared to Q4, 2020 and with a growth of 48.4 per cent compared to Q3, 2021. In the backdrop of inflationary pressures and the relatively low levels of return earned on traditional investment avenues, investors are moving toward non-traditional investment avenues, among which investment on apartments is becoming increasingly popular. Further, an observable shift is seen in the price categories of transactions. While 77 per cent of transactions were priced below Rs.25 million a year ago, it has reduced to 49 per cent in Q4, 2021. Moreover, the Single Condominium projects in the Colombo district remain to be the most preferred category in Q4, 2021.

  • Sri Lanka Purchasing Managers’ Index - February 2022

    2022 පෙබ‍රව‍ාරි මාසයේදී ද නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක තවදුරටත් ඉහළ මට්ටමක පැවතුණි.

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 පෙබරවාරි මාසයේ දී 52.5ක අගයක් වාර්තා කරමින් තවදුරටත් ඉහළ මට්ටමක පැවතුණි.

    සේවා අංශයේ සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 පෙබරවාරි මාසයේ දී 51.8ක දර්ශක අගයක් වාර්තා කළේය.

  • Policy Package to Support Greater Macroeconomic Stability : Allowing Flexibility in the Exchange Rate

    බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්  2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන බවට නිවේදනය කරන ලද අතර, උද්ධමනය, විදේශීය අංශය  සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද දැනුම් දෙන ලදි.

  • The Central Bank of Sri Lanka Further Tightens the Monetary Policy Stance

    බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථික කටයුතු සඳහා අඛණ්ඩව බාධා ඇතිවීම් සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රතිපත්ති මාලාවක් සහ සමස්ත ආර්ථිකයට බලපානු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.  

    ඒ අනුව, ගෝලීය මෙන්ම දේශීය වශයෙන් පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මනාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේදී 2022 ජනවාරි මාසයේදී ගන්නා ලද ස්ථාවරය තවදුරටත් අවධාරණය කොට පවත්වාගෙන යෑමට තීරණය කළ අතර පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලදී:

  • Central Bank Requests the Public to Provide Information on Unauthorized Foreign Currency Dealings

    ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් මිලදීගැනීම, අලෙවිකිරීම හා හුවමාරුව සඳහා අවසරය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත බලපත්‍රලාභී බැංකු හා බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණි.

    ඒ අනුව, විදේශ මුදල් මිලදීගැනීම, විකීණීම හෝ හුවමාරු කිරීම අවසරලත් බැංකුවක් හෝ අවසරලත් මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා පමණක් කළ යුතුවේ.

  • SL Purchasing Managers’ Index (PMI) – January 2022

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 ජනවාරි මාසයේ දී 58.7ක අගයක් වාර්තා කරමින් 2021 දෙසැම්බර් මාස‍ය‍ට සාපේක්ෂ ව දර්ශකාංක 0.6කින් ඉහළ ගියේ ය. මේ සඳහා ප්‍රධාන වශයෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමත් සේවා නියුක්තිය යථා තත්ත්වයට පත් වීමත් හේතු විය. තව ද, තොග මිල දී ගැනුම් ඉහළ ගිය අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ද පෙර මාසයට සාපේක්ෂ ව වැඩි විය.

    විශේෂයෙන් රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ සහ ආහාර හා පාන නිෂ්පාදන අංශයේ නව ඇණවුම්, නිෂ්පාදන සහ තොග මිල දී ගැනුම්වල දක්නට ලැබුණු ඉහළ යෑම නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය. සේවා නියුක්ති උප දර්ශකය 2022 ජනවාරි මාසයේ දී යහපත් වර්ධනයක් පෙන්නුම් කළ ද රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශය වෙත සේවකයින් ආකර්ෂණය කර ගැනීමේ අපහසුව පිළිබිඹු කරමින් එම අංශයේ සේවා නියුක්ති උප දර්ශකය තවදුරටත් පහළ අගයක පැවතුණි. මේ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට සමගාමී ව තොග මිල දී ගැනුම් වර්ධනය විය.

  • Funds Raised through Direct Issuance of Sri Lanka Development Bonds

    ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජන දිරිමත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. එම ක්‍රියාවන්හි සාර්ථකත්වය පෙන්නුම් කරමින් 2022 ජනවාරි මස 01 වනදා සිට පෙබරවාරි මස 15 වනදා වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 111.5ක අරමුදලක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුව ඔස්සේ රැස් කර ගැනීමට හැකි විය.

    ඉහත සඳහන් කළ කාලය තුළ සිදු කළ ආයෝජනයන්හි පරිණත කාලයන් මාස 3 සිට වසර 5 දක්වා කාල පරාසයක විහිදුණු අතර, කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ සුදුසුකම් ලත් ආයෝජකයන් ආයෝජනය කිරීමට පෙළඹුණි. විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීමට, ඒ් සඳහා සුදුසුකම් ලත් ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටියි.

Pages