• Statement by Governor and Secretary to the Treasury after the virtual Investor Presentation held on 30.03.2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) විසින් එම අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලත් ඩොලර් බිලියන 7ක අරමුදලක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ජා.මූ.අ වැඩසටහන 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලදී. මෙම ජා.මූ.අ වැඩසටහන, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පැහැදිලි පෙර දැක්මක් සපයන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරමින්, රටට තම වර්ධන හැකියාව යළි ලබා ගැනීමටත්, එහි ආර්ථික අවදානම් සහගත තත්ත්වයන් සඳහා පිළියම් යෙදීමටත් ඉඩ සලසනු ඇත. 

    අද දින අපි ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය විස්තර කිරීමට සහ ජා.මූ.අ. වැඩසටහනෙහි ප්‍රධාන ආධාරකයන් සහ අරමුණු මෙන්ම, ණයහිමියන් සමඟ කටයුතු කිරීම සම්බන්ධව පැහැදිලි කිරීමට ආයෝජක ඉදිරිපත් කිරීමක් පැවැත්වූවෙමු. 

  • Risks of using and investing in Cryptocurrency

    ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයකි. මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇත.

  • IMF Executive Board Approves US$3 Billion Under the Extended Fund Facility (EFF) Arrangement for Sri Lanka

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට වි. ගැ. හි. බිලියන 2.286ක (එ. ජ. ඩොලර් බිලියන 3ක් පමණ) විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක දීර්ඝ වැඩපිළිවෙළක් අනුමත කරන ලදී. 

    විස්තීර්ණ ණය පහසුකම යටතේ සහාය දක්වන වැඩසටහනේ අරමුණු වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්වයට පත්කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමයි. සියලුම වැඩසටහන් ක්‍රියාමාර්ග වඩාත් අවදානමට ලක්විය හැකි සමාජ කාණ්ඩ ආරක්ෂා කිරීමේ සහ යහපාලනය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වේ.

    වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව ණය තිරසාරභාවය යථා තත්වයට පත්කරනු ලබන ණය සදහා විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සහයෝගීතාව ඉතා වැදගත් වනු ඇත.

  • Sri Lanka Purchasing Managers’ Index - February 2023

    2023 පෙබරවාරි මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පසුබෑමක් පෙන්නුම් කරන ලදී.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 පෙබරවාරි මාසයේ දී 42.3ක අගයක් වාර්තා කරන ලදී.

    සේවා අංශයේ පසුබෑමක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 පෙබරවාරි මාසයේ දී 48.7ක දර්ශක අගයක් දක්වා පහත වැටුණි.

  • Public Lecture on the “Central Bank of Sri Lanka Bill” by Dr. P Nandalal Weerasinghe, Governor of Central Bank of Sri Lanka (Sinhala Medium)

    ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, අනුමත වීමෙන් අනතුරුව මෙය ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ වන පරිපාලන නීතිය වේ. මේ වන විට මෙම පනත් කෙටුම්පත මහජන අදහස් සඳහා විවෘතව පවතී.

    මෙම යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ සිංහල මාධ්‍යයෙන් ප්‍රසිද්ධ දේශනයක්, මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම දේශනයෙන් අනතුරුව දේශනයට සහභාගීවන්නන් හට මේ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා සම්පත් දායක මඩුල්ලක සහභාගීත්වයෙන් සාකච්ඡා වටයක් පැවැත්වීමටද නියමිතය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියෙස මගින් සංවිධානය කරනු ලබන මෙම දේශනය 2023 මාර්තු මස 16 වන දින පස්වරු 2.30 සිට 4.30 දක්වා අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයෙහි පිහිටි බැංකු විදු පියෙස ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

  • Sale of the Commemorative Coin issued to Mark the 75th Independence Celebration of Sri Lanka

    ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් 2023.03.09 දින සිට කාසියක් රු.6,000 කට පහත සඳහන් මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. කාසි අලෙවිය පැමිණීමේ ප්‍රමුඛතාව මත පදනම් කරගනිමින් පුද්ගල හැඳුනුම්පතේ තොරතුරු මත එක් අයෙකුට එක් කාසියක් බැගින් අලෙවි කෙරෙනු ඇත. 

    සම්පුර්ණ ලිපිය

  • Concessionary Measures to Micro, Small and Medium Enterprises (MSMEs) and Individuals affected by the Present Macroeconomic Conditions

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එමඟින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 වසංගතය සහ ඉන් පසු ඇති වූ සාර්ව ආර්ථික තත්වයන් හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට ණය සහන ඇතුළුව විවිධ සහන ලබා දීමට යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යූහගත කිරීම/ප්‍රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රම වලට ඇතුළත් විය.

    සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ප්‍රවාහන, පාසල් වෑන් රථ, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වී ඇත. කොවිඩ්-19 බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් හට ලබා දී ඇති ණය සහන කාල සීමාවේ අවසාන අදියර බැංකු අංශය සදහා 2022.06.30 දිනෙන්ද බැංකු නොවන මුල්‍ය ආයතන අංශය සදහා 2022.03.31 දිනෙන්ද අවසන් විය.

  • Former Governor of the Central Bank, Mr. H.B. Dissanayake, Passes Away

    It is with deep sorrow that we announce the demise of former Governor of the Central Bank of Sri Lanka (CBSL), Mr. H.B. Dissanayake.

    He passed away at the age of 85 on the 05th of March 2023.

    Mr. Dissanayake functioned as the 09th Governor of the CBSL from 1 July 1992 to 15 November 1995. Prior to assuming duties as Governor, he served as Director General of Customs and after retiring from the CBSL, he served as Alternate Executive Director at the International Monetary Fund (IMF) from 1996 -1998.

    Mr. H.B. Dissanayake’s remains lie at his home (No. 2/84, Mihiri Uyana, Old Kottawa Road, Mirihana, Nugegoda) until 01.00 p.m. on 07th of March (today) and the cremation will be at the Public Cemetery, Mirihana.

  • The Central Bank of Sri Lanka raises the Policy Interest Rates

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, 2023 මාර්තු මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි, පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 දක්වා පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කළේය.

  • CCPI based headline inflation eased in February 2023

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 51.7හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 50.6 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේ දී  අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

Pages