• Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - August 2023

    2023 අගෝස්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු වශයෙන් පහළ යෑමක් ද පෙන්නුම් කරන ලදී.

    පසුගිය මාසවලට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි වැඩිදියුණු වීමක්  සළකුණු කරමින්, ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 අගෝස්තු මාසයේදී දර්ශකාංක 49.3ක අගයක් වාර්තා කරමින් කඩඉම් මට්ටම කරා ආසන්න විය. තවද,  උප-දර්ශක සලකන විටදී, නව ඇණවුම් සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසයේදී ඉහළ ගිය අතර නිෂ්පාදන සහ සේවා නියුක්තිය තවදුරටත් කඩඉම් මට්ටමට පහළ අගයක පැවතුණි.

  • Asia Pacific Group on Money Laundering Visit to Sri Lanka – Mutual Evaluation Preparation Briefing and Workshop (6th to 8th September 2023)

    ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්‍යොන්‍ය ඇගයීම පිළිබඳව මෙරට දේශීය බලධාරීන් තවදුරටත් දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ ආරාධනයකට අනුව, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ. 

  • Settlement of Exchange of Accepted Eligible Treasury Bonds for Twelve (12) New Step-Down Fixed Coupon Treasury Bonds pursuant to the Domestic Debt Optimisation Programme (DDO)

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්  ප්‍රකාශයට පත් කරන ලද 2023 ජූලි 04 දිනැති භාණ්ඩාගාර බැදුම්කර සඳහා වන හුවමාරු යෝජනාව (හුවමාරු යෝජනාව) සහ ඉන් අනතුරුව 2023 සැප්තැම්බර් 12 දින නිවේදනය කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව (මෙහි  සඳහන් අර්ථ දක්වා නොමැති පදවලට අර්ථකතනයන්  හුවමාරු  යෝජනාවේ  අර්ථ දක්වා ඇත) රජය විසින්, වලංගු පිරිනැමීම් සඳහා පියවීමට ඇති සුදුසුකම්ලත් භාණ්ඩාගාර බැඳුම්කර, හුවමාරු යෝජනාවේ සඳහන් අනුපාතික සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් අඩු වෙන (Step-down) ස්ථාවර කූපන් පොළී අනුපාතික* සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) ලෙස පරිවර්තනය කර පහත සඳහන් ආකාරයට 2023 සැප්තැම්බර් 14 දින පියවීම් සිදු කරන ලදී.

  • Participation of the Employees’ Provident Fund in the Domestic Debt Optimisation Programme

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු අනුමැතිය මත සිදු කරන ලද දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනට සුදුසුකම් සැපිරූ භාණ්ඩාගාර බැඳුම්කර හිමිකරුවෙක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) අදාළ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සඳහා සහභාගී වූ බව එහි සාමාජිකයින් වෙත මෙයින් දැනුම්දෙමු.  

  • The Financial Intelligence Unit of Sri Lanka Releases the Sanitized Report of the Second National Risk Assessment on Money Laundering and Terrorism Financing

    2021/22 වර්ෂය සඳහා වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව සිදු කළ ජාතික අවදානම ඇගයීම මත පදනම්ව සකස්කර ඇත. රට තුළ පවතින මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ අවදානම් හඳුනා ගැනීම මෙම ඇගයීමෙහි අරමුණ විය. මෙම ඇගයීම මගින් ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත්ම සැලකිය යුතු මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ තර්ජන, ඊට නතුවීමට ඇති ඉඩකඩ සහ අවදානම් ඉස්මතු කරයි.

  • Bimputh Finance PLC-Cancellation of Licence issued under the Finance Business Act, No. 42 of 2011

    011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත (මුදල් ව්‍යාපාර පනත) යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය එම පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති සමස්ථ මුල්‍ය පද්ධති ස්ථායිතාවය සපල කරගැනීමේ අරමුණින් පනවන ලද පොදු විධාන සහ එම ආයතනයේ දුර්වල මුල්‍ය තත්ත්වය පිළිබද ගැටළු නිරාකරණය කර ගැනීමේ අරමුණින් පණවන ලද විශේෂිත විධාන සහ  නීතීන් ගණනාවක්  අඛණ්ඩව කඩකරමින්/ පටහැනි ලෙස කටයුතු කරමින් පැවතුනි. මෙම තත්වය හේතු කොටගෙන පැන නැගුණු  ඌන ප්‍රාග්ධන මට්ටම, ගුණාත්මක බවින් අඩු වත්කම්  සහ අඛණ්ඩව වාර්තා වූ අලාභයන් හේතුවෙන් එම ආයතනයේ මුල්‍ය තත්වය තවදුරටත් දුර්වල වී පැවතුනි.

  • CCPI based headline inflation experienced a further slowdown in August 2023

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජූලි මාසයේ වාර්තා වූ සියයට 6.3හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

    අඛණ්ඩව දෙවන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර අවධමනයක් වාර්තා වූ අතර, එය 2023 ජූලි මාසයේ පැවති සියයට 1.4ට සාපේක්ෂව 2023 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් විය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 ජූලි මාසයේ පැවති සියයට 10.5හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 8.7 දක්වා තවදුරටත් පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට -0.41ක මිල පහළ යෑමේ සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.39ක මිල ඉහළ යෑමේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 අගෝස්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -0.02ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 ජූලි මාසයේ පැවති සියයට 5.9හි* සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේය.

    මෙතෙක් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂාවල ප්‍රතිඵලයක් ලෙස, උද්ධමනය මැදි කාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

  • External Sector Performance - July 2023

    වෙළඳ හිඟය, 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව අපනයන ඉපැයීම් පහළ යෑමෙහි සහ ආනයන වියදම් ඉහළ යෑමෙහි ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 වසරේ ජූලි මාසයේ දී පුළුල් විය. කෙසේ වෙතත්, ජනවාරි සිට ජූලි දක්වා කාලපර්ච්ඡේදය තුළ සමස්ත වෙළඳ හිඟය, 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි.

    2023 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර සංචාරක ඉපැයීම් පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඛණ්ඩව වර්ධනය විය.

    2023 වසරේ ජූලි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජනවල කැපී පෙනෙන ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර කොළඹ කොටස් වෙළඳපොළ වෙත ද ශුද්ධ විදේශීය ලැබීම් වාර්තා විය.

    දළ නිල සංචිත මට්ටම, 2023 වසරේ ජූලි මාසය අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 3.8ක් ලෙස වාර්තා විය.

    ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ ජූලි මාසයේ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව යම් විචලනයක් පෙන්නුම් කළේය.

  • SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – July 2023

    ඉදිකිරීම් කටයුතුවල පවතින දුර්වල ක්‍රියාකාරීත්වය තුළ 2023 ජූලි මාසය තුළදී ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 43.2ක අගයක් වාර්තා කරන ලදී. මෙහිදී, පවතින අභියෝගාත්මක වාතාවරණය හමුවේ බොහෝ සමාගම් සිය ව්‍යාපාරික පැවැත්ම ආරක්ෂාකරගැනීම සඳහා උත්සාහ ගනිමින් සිටින බව සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. කෙසේ වුවද, ක්‍රමයෙන් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල පහත වැටීම, සීමිත මට්ටමින් වුවද ක්‍රියාත්මකවන ඉදිකිරීම් සඳහා රුකුලක් වී ඇත. තවද, තාවකාලික වශයෙන් අත්හිටුවා තිබූ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යපෘති කිහිපයක් ද ජූලි මාසය තුළදී සුළු වශයෙන් වුවද නැවත ආරම්භ කර ඇත.

    පසුගිය මාසයට සාපේක්ෂව අඩු මට්ටමෙන් වුවද නව ඇණවුම් ජූලි මාසය තුළදී ද පහත වැටුණි. මෙහිදී, ටෙන්ඩර් අවස්ථා බොහෝදුරට විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති කිහිපයකට සිමා වී ඇති අතර, පෞද්ගලික සේවාදායකයින් ද ඉදිකිරීම් වියදම් තවදුරටත් පහළ යන තෙක් ආයෝජන පමාකරන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. එසේම, දැනට ව්‍යපෘතිවල නිරතව සිටින සමාගම් සතු අතිරික්ත ධාරිතාවය හේතුවෙන් අනෙකුත් සමාගම්වලට උපකොන්ත්‍රාත් ලබාදීම ද සිමා වී ඇත. මේ අතරතුර, සමාගම් විසින් තමාට අත්‍යවශ්‍ය සේවකයින් පමණක් රඳවා ගැනීමට කටයුතු කරන බැවින් සේවා නියුක්තිය ද ජූලි මාසය තුළදී පහත වැටුණි. තවද, බොහෝ සමාගම් ආයෝජන පමාකරන වාතාවරණය තුළ කෙටිකාලීන අවශ්‍යතා සඳහා පමණක් සීමිතව මිලදී ගැනීම් සිදු කිරීම හේතුවෙන් තොග මිලදී ගැනුම් ද ජූලි මාසය තුළදී පහත වැටුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ස්ථාවර මට්ටමක පැවතුනු අතර සමහර සැපයුම්කරුවන් නැවතත් ණයට භාණ්ඩ සැපයීමට ද නැඹුරුවක් දක්වන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

    ප්‍රධාන වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කිරීම, පොලි අනුපාතික සහ අමුද්‍රව්‍ය සඳහා වියදම් පහත වැටීම සහ දැනට අත්හිටුවා ඇති රජයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පවතින සාකච්ඡා හේතුවෙන් සමාගම්වල ඉදිරි මාස තුන පිළිබඳ ව්‍යාපාර අපේක්ෂා යහපත් මට්ටමක පැවතුණි.

  • Raising Awareness on Domestic Debt Optimisation Programme

    2023 අගෝස්තු මස 28 වන අද දින, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට සිදු වන්නේ යැයි කියනු ලබන බලපෑමට විරෝධය පාමින් පවත්වන ලද උද්ඝෝෂණය අතරතුර, ඔවුන් විසින් කොටුව පොලීසිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීමට එකඟ වෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් අද දිනම පස්වරු 2.30 ට එම පිරිස නියෝජනය කරමින් පස්දෙනෙකුට එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණෙන ලෙස කොටුව පොලීසියේ නිලධාරීන් මඟින් දැනුම් දෙන ලදී. ‍ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාකච්ඡාව ලබාදීමෙන් පසුව එම පිරිස විසින් ‍කොටුව පොලීසියේ නිලධාරීන් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව ‍වෙත දන්වා සිටින ලද්දේ අද දින එම සාකච්ඡාව සඳහා ඔවුන්ට සහභාගි විය නොහැකි බවයි.

Pages