• Sri Lanka Purchasing Managers’ Index (Construction) - October 2023

    ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාස විස්සක අඛණ්ඩ පහත වැටීමකින් අනතුරුව 2023  ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 50.0ක කඩඉම් මට්ටමට ලඟා විය. මෙහිදී, රජය විසින් අත්හිටුවා තිබු ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති සීමිත වශයෙන් නැවත ආරම්භ කරනු ලැබූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ සමහරක් සඳහන් කරනු ලැබීය.  කෙසේ වුවද, වර්තමානයේ ක්‍රියාත්මක බොහෝ ව්‍යාපෘති ඒවායේ අවසන් භාගයේ පවතින බැවින් සමස්තයක්  වශයෙන් ඉදිකිරීම් කර්මාන්තයේ දැනට පවතින වැඩ ප්‍රමාණය අඩු මට්ටමක පවතී.

  • Monetary Policy Review - No. 8 of 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2023 නොවැම්බර් මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට තීරණය කළේය. ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටමට ළඟා වී එම මට්ටමේ ස්ථායී වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමට ළඟා කර ගැනීමේ හා පවත්වාගෙන යෑමේ අරමුණින්, දේශීය හා ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දේශීය හා ගෝලීය වශයෙන් අපේක්ෂිත ප්‍රවණතා මගින් ඇති වන සැපයුම් අංශයේ සාධක හේතුවෙන් නුදුරු කාලීන උද්ධමන පුරෝකථන සඳහා ඇති විය හැකි ඉහළ යෑමේ අවදානම් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. කෙසේ වෙතත්, මහජනතාවගේ උද්ධමන අපේක්ෂා පාලනය වී ඇති නිසාත් ආර්ථික ක්‍රියාකාරකම් නුදුරු කාලයේ සිට මැදි කාලය දක්වා විභව නිමැවුම් මට්ටමට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති නිසාත්, එවැනි නුදුරු කාලීන උද්ධමනය ඉහළ යෑමේ අවදානම් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්ම වෙනස් නොකරනු ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. තවද, මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීම මෙන්ම 2023 වසරේ ජූනි මස සිට ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟ මැදි කාලීනව උද්ධමනය ස්ථායී කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමක් සිදු වී ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. එබැවින්, ඉදිරි කාලසීමාව තුළදී වෙළඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය කිරීම වේගවත් කරමින්, මූල්‍ය ආයතන විසින් මුදල් ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග කඩිනමින් සහ පූර්ණ වශයෙන් වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික, වෙත සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාවය මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අවධාරණය කරන ලදී.

  • Composition of the Governing Board and the Monetary Policy Board of the Central Bank of Sri Lanka

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාර ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලය පිහිටුවා ඇත.මෙම නීතියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මින් පෙර පැවති මුදල් මණ්ඩලයේ පත්කළ සාමාජිකයන් මහ බැංකුවේ පාලක මණ්ඩල සාමාජිකයන් ලෙස අඛණ්ඩ ව කටයුතු කරයි. 

  • Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - October 2023

    2023 ඔක්තෝබර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු වශයෙන් පහත වැටීමක් ද සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් ද පෙන්නුම් කරන ලදී.

    2023 ඔක්තෝබර් මාසයේදී ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 49.5ක අගයක් වාර්තා කරමින්  කඩඉම් මට්ටම කරා ආසන්න විය. උප-දර්ශක සලකන විට දී, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් මෙම මාසයේ දී ඉහළ ගිය අතර, නිෂ්පාදන සහ සේවා නියුක්තිය පහළ අගයක පැවතුණි. 

    සේවා ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2023 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 56.2ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, 2023 ඔක්තෝබර් මාසය තුළ දී නිමකිරීමට නියමිත කාර්යයන් සහ සේවා නියුක්තිය පහළ ගියේය. 

  • World Bank Approves $150 Million to Strengthen Sri Lanka’s Financial Sector Safety Net

    ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලේ මූල්‍ය හා ආයතනික ශක්‍යතාවය වර්ධනය කර ගැනීම  සඳහා  ශ්‍රී ලංකා මූල්‍ය පද්ධති ආරක්ෂණ ඡාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ (ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින්) ලෝක බැංකුව විසින් එ.ජ.ඩොලර් මිලියන 150ක් අනුමත කරන ලදී.  

    ලෝක බැංකුව විසින් 2023 නොවැම්බර් 09 වන දින පහත සඳහන් මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලදී.

    වොෂින්ටන්, නොවැම්බර් 9, 2023 ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ක්ෂේත්‍රෙය්  ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 150 ක මූල්‍ය ප්‍රතිපාදන අනුමත කරන ලදී.

  • CCPI based headline inflation edged up slightly in October 2023

    ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල අඛණ්ඩ පහත වැටීම පිළිබිඹු    කරමින් ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 44.3ක අගයක් වාර්තා කරන ලදී. ව්‍යාපෘති කටයුතුවල අඛණ්ඩ පහත වැටීම ඉදිකිරීම් කටයුතුවල ක්‍රියාකාරිත්වයට අඛණ්ඩව අහිතකර ලෙස බලපෑ අතර මාසය පුරා පැවති වර්ෂාව දැනට පවතින ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය අඩාල කිරීමට ද හේතු විය.

  • Sri Lanka Purchasing Managers’ Index (Construction) - September 2023

    ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල අඛණ්ඩ පහත වැටීම පිළිබිඹු කරමින් ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 44.3ක අගයක් වාර්තා කරන ලදී. ව්‍යාපෘති කටයුතුවල අඛණ්ඩ පහත වැටීම ඉදිකිරීම් කටයුතුවල  ක්‍රියාකාරිත්වයට අඛණ්ඩව අහිතකර ලෙස බලපෑ අතර මාසය පුරා පැවති වර්ෂාව දැනට පවතින ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය අඩාල කිරීමට ද හේතු විය.

  • External Sector Performance – September 2023

    වෙළඳ හිඟය, 2022 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අඩු අපනයන ඉපැයීම් සහ ඉහළ ආනයන වියදම්වල ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී පුළුල් විය. 2023 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ සමුච්චිත වෙළඳ හිඟය තවදුරටත්  සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතුණි. 

    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

    2023 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස නවය තුළ සංචාරක පැමිණීම් මිලියනයකට වඩා වාර්තා විය.

    රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන පෙර මාසවලට සාපේක්ෂව 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඩු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

    2023 වසරේ සැප්තැම්බර් මාසය අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3.5ක් විය.

    2023 වසරේ සැප්තැම්බර් මාසය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යම් විචලනයක් පෙන්නුම් කළේය.

  • Central Bank of Sri Lanka Co-hosted the 4th CBSL-ADBI-APAEA Joint Workshop

    ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයෙහි ඒකාබද්ධ පර්යේෂණ වැඩමුළුව 2023 වසරේ ඔක්තෝබර් මස 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අඛණ්ඩව සිවුවන වසරටත් ශ්‍රී ලංකා මහ බැංකුව සමසත්කාරීත්වය දරමින් පැවති මෙම පර්යේෂණ වැඩමුලුවෙහි සමදායකත්වය ආසියානු සංවර්ධන බැංකු ආයතනය (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය (Asia-Pacific Applied Economics Association-APAEA) මගින් දරන ලදී. මෙම පර්යේෂණ වැඩමුළුව 'ආසියා සහ පැසිෆික් කලාපයේ මුදල් ප්‍රතිපත්ති සහ මහ බැංකු ගැටලු’යන තේමාව යටතේ පැවැත්විණි. 

  • IMF Reaches Staff-Level Agreement on the First Review of Sri Lanka’s Extended Fund Facility Arrangement

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් කරමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට විදේශ ගැනුම් හිමිකම් මිලියන 254ක (එ.ජ ඩොලර් මිලියන 330 ක් පමණ) මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවෙනු ඇත.

    සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ එල දැරීමට පටන් ගෙන ඇති අතර ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරයි. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව තිරසාරව පවත්වා ගැනීම සහ පාලන දුර්වලතා සහ වංචා හා දූෂණ සඳහා විසඳුම් ලබාදීම, කල් පවත්නා ආර්ථික යථාතත්ත්වයට පත් වීමක් සහ ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ආර්ථිකය ගෙන ඒම සඳහා ඉතා වැදගත් වේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා (i) බලධාරීන් විසින් සියලුම පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම; සහ (ii) මූල්‍ය සහතික සමාලෝචන අවසන් කිරීම අවශ්‍ය වේ.

Pages