ආනයන ඉහළ යෑමට වඩා වැඩි අගයකින් අපනයන ඉහළ යෑම හේතුවෙන් (වාර්ෂික ලක්ෂ්‍යමය මත) 2024 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළඳ හිඟය අඩු විය. කෙසේ වෙතත්, 2024 වසරේ ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය සඳහා සමස්ත වෙළඳ හිඟය පුළුල් විය.
සෘතුමය රටාවට අනුකූලව 2024 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් මන්දගාමී වුවද, සංචාරක අංශයේ වර්ධනය අඛණ්ඩව පවතියි.
සේවා අංශ වෙත වූ අනෙකුත් ලැබීම් 2024 වසරේ පළමු මාස හතර තුළ ශක්තිමත්ව පැවතුණි.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ විදේශීය ජංගම ගිණුමට සහ විදේශ විනිමය වෙළඳපොළෙහි ද්‍රවශීලතාවයට සැලකිය යුතු ලෙස අඛණ්ඩව දායක විය.
2024 වසරේ අප්‍රේල් මාසයේදී ද රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙන් විදේශ ආයෝජන ගෙවීම් අඛණ්ඩව සිදු විය.