ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ්, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද දිනයේ දී හමු වූවා ය.
එම හමුවෙන් අනතුරු ව ලගාඩ් මහත්මිය පහත ප්‍රකාශය නිකුත් කළා ය:
“අමාත්‍ය සමරවීර සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති කුමාරස්වාමි හමුවීමට ලැබීම ගැන මම සතුටට පත් වූයෙමි. රටෙහි පවතින අභියෝගාත්මක ආර්ථික පරිසරය සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් පිළිබඳ ව අපි සාකච්ඡා කළෙමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහිත වැඩසටහන යටතේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම පිළිබඳ ව එහි දී අවධාරණය කෙරුණි.”
“එම න්‍යාය පත්‍රය ඵලදායී අයුරින් ක්‍රියාත්මක කර ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තිරසාර, ඉහළ ගුණාත්මක වර්ධන මාවතකට