2019 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය. නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් පිළිඹිබු කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 46ක් තුළ වාර්තා කළ ඉහළ ම අගයට ළඟා විය. උත්සව සමයේ පවතින ඉල්ලුමත් සමඟ, විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ, නව ඇණවුම්වල දක්නට ලැබුණු වර්ධනය මාර්තු මාසය තුළ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.
-
Sri Lanka Purchasing Managers’ Index - March 2019
-
The Central Bank Launched a Roadmap for Sustainable Finance in Sri Lanka
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම 2019 අප්‍රේල් 10 වැනි දින එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation, IFC) තිරසාර බැංකු ජාලයේ (Sustainable Banking Network, SBN) ගෝලීය හමුවේදී දියත් කරන ලදී. මෙම පෙර දැක්ම තුළින් මූල්‍ය නියාමකයින් සහ මූල්‍ය ආයතන සඳහා පුළුල් මඟ පෙන්වීමක් ඉදිරිපත් කර ඇති අතර, මූල්‍ය ආයතන විසින් මූල්‍යනය කරන ව්‍යාපෘතිවලට අනුබද්ධිත පාරිසරික, සමාජයීය සහ පාලන (Environmental, Social and Governance, ESG) අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමත්, කාලගුණික හිතකාමී, සමාජයීය අන්තර්ගතික (Socially Inclusive) හරිත ව්‍යාපාර සඳහා වැඩි අනුග්‍රාහකත්වයක් දැක්වීමත් අපේක්ෂා කරයි.
-
Real-time Notifications for Transactions in Government Securities (SMS/Email Alert Service)
සුරැකුම්පත් ආයෝජන සඳහා තවත් විශේෂාංගයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙක්‍යු පද්ධතිය ඔස්සේ කෙටි පණිවුඩ හා විද්‍යුත් තැපෑල හරහා දැනුම් දීමේ සේවාවක් 2019 මාර්තු 25 දින සිට හඳුන්වා දෙන ලදී. මෙ මගින් රජයේ සුරැකුම්පත් ආයෝජකයින්ගේ (ලංකාසෙක්‍යු පද්ධතියේ ගනුදෙනුකරුවන්ගේ) දැනුම්වත්භාවය වැඩිදියුණු කිරීම අරමුණු කෙරෙයි.
මෙම කෙටි පණිවුඩ/විද්‍යුත් තැපෑල හරහා දැනුම් දීමේ සේවාව මගින් රජයේ සුරැකුම්පත්වල ආයෝජකයින් හට තම සුරැකුම්පත් ගිණුමේ සිදු කරන ලද සෑම නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනුවක් සඳහා ම තත්කාලීන දැනුම් දීමක් සිදු කෙරෙයි. එ නම්, ගනුදෙනුකරුවන්ගේ සුරැකුම්පත් ගිණුමේ හෙවත් CDS ගිණුමේ ගනුදෙනුවක් සිදු කෙරෙන අවස්ථාවේ දී ම ගනුදෙනුකරුවන්ට ඉහත මාධ්‍යයන් ඔස්සේ ඒ පිළිබඳ දැනුම් දීමක් (කෙටි පණිවුඩ “LankaSecure” වෙතින් ද, විද්‍යුත් තැපෑල “no-reply@cbsl.lk” වෙතින් ද) ලැබෙනු ඇත.
-
Monetary Policy Review - No. 2 of 2019
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇති ව, දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ මෙන් ම ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මනා ව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබී ය.
-
Opening of a Counter to Issue Coins to the General Public
ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීමේ කවුළුවක් කොළඹ 1, ජනාධිපති මාවතේ අංක 30 දරන ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථානයේ බිම් මහලේ දී මාර්තු 27 වන බදාදා සිට විවෘත කරනු ලැබේ.
රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියක ම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී පමණක් පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා මෙම කවුළුව මහජනයාට ගනුදෙනු සඳහා විවෘත වනු ඇත.
-
Inflation Increased in February 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ප්‍රධාන වශයෙන් ම පදනම් බලපෑම හේතුවෙන් 2019 ජනවාරි මාසයේ පැවති සියයට 1.2 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 2.4 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 6.5 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 6.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට -4.8 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට -2.9 දක්වා ඉහළ ගියේ ය.
-
Issuances of International Sovereign Bonds (ISB) by the Central Bank of Sri Lanka
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වසර 5ක සහ වසර 10ක පරිණත කාලයන් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමේ දී අනුගමනය කරන ලද මෙහෙයුම් ක්‍රියාවලිය සහ එම බැඳුම්කරවල ඵලදායිතා අනුපාතයන් පිළිබඳ ව මෑත කාලීන ව මුද්‍රිත මාධ්‍යන්හි පළ වූ ලිපි සම්බන්ධයෙන් පහත දැක්වෙන පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
-
Sri Lanka Purchasing Managers’ Index - February 2019
නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම සඳහා 2019 ජනවාරි මාසයට සාපේක්ෂව 2019 පෙබරවාරි මාසයේදී, විශේෂයෙන්ම නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ, නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. පෙබරවාරි මාසය තුළ රාජකාරී දින ගණන අඩු වීම මෙම මන්දගාමීත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය. නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි සිදුවූ අඩු වීමට සමගාමීව තොග මිළදී ගැනීම් වල ද අඩු වීමක් දක්නට ලැබුණි.
කෙසේ වුවත්, ඉදිරි උත්සව සමයේ ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කර ගැනීමේ අරමුණින් කරන ලද නව බඳවාගැනීම් හේතුවෙන් රැකියා නියුක්තියෙහි සුළු වර්ධනයක් දක්නට ලැබුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි සුළු වැඩි වීමක් දක්නට ලැබුණි. පෙබරවාරි මස මුල් භාගයේදී ඇතිවූ සැපයුම් ගෙන්වා ගැනීමේ ගැටළු සහ චීන අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් ඇතිවූ බාධා, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි වැඩි වීමට හේතු විය. නව ඇණවුම් සහ නිෂ්පාදනය යන උප දර්ශක හැරුණුකොට අනෙකුත් සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී.
-
External Sector Performance - December 2018
ආනයන වියදම් කැපී පෙනෙන ලෙස අඩු වීම සමඟ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස පහළ ගියේ ය. 2018 දෙසැම්බර් මාසයේ දී අපනයන වාර්ෂික පදනම මත සියයට 1.4කින් වර්ධනය වූ අතර, ආනයන සියයට 15.3කින් පහළ ගියේ ය.
2018 වසරේ දී මුළු භාණ්ඩ අපනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 11.9ක් දක්වා සියයට 4.7කින් වර්ධනය වූ අතර, ආනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 22.2ක් දක්වා සියයට 6.0ක ඉහළ යෑමක් වාර්තා කළේ ය. මේ අනුව, වෙළෙඳ හිඟය 2017 වසරේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 9.6ක සිට 2018 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 10.3ක් දක්වා යම් ඉහළ යෑමක් වාර්තා කළේ ය.
2018 වසරේ දෙසැම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව සියයට 4.8ක වර්ධනයක් වාර්තා කරමින් ශක්තිමත් මට්ටමක පැවති අතර, එම නිසා, 2018 වසරේ මුළු සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4ක් දක්වා 2017 වසරට සාපේක්ෂ ව සියයට 11.6කින් වර්ධනය විය.
-
The Democratic Socialist Republic of Sri Lanka USD 2.4 billion International Sovereign Bond Offering
එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර වෙළෙඳපොළ වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (“ශ්‍රී ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 5ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0ක් හා වසර 10ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර (බැඳුම්කර) දෙකක්, පිළිවෙලින් 2024 මාර්තු 14 සහ 2029 මාර්තු 14 යන කල් පිරීම් දින සහිත ව 2019 මාර්තු 07 වැනි දින නිකුත් කරන ලදී. මෙම බැඳුම්කර සඳහා මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (Moody’s Investor Service), ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor’s ) සහ ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) යන ආයතන මගින් පිළිවෙලින් ‘B2’ , ‘B’ සහ ‘B’ යන ශ්‍රේණිගත කර තිබේ.