• Land Price Index – Second Half of 2018

    2018 වසරේ දෙවන භාගය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් ගණනය කරන ලද ඉඩම් මිල දර්ශකය 125.9ක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයට සාපේක්ෂ ව සියයට 18ක වර්ධනයකි. නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් මිල දර්ශකයේ අනු දර්ශක තුනෙහි ම ඉහළ යෑම මෙම වර්ධනය සඳහා හේතු විය.

    නිශ්චල දේපළ අංශයේ වර්ධනයන් අධීක්ෂණය කිරීම සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පර්චසයක් සඳහා වන මිල ගණන් උපයෝගී කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලැබේ. මෙහි දී ඉඩම් භාවිතය සම්බන්ධයෙන් වන විවිධත්වය සැලකිල්ලට ගෙන සමජාතීත්වය පවත්වා ගැනීම සඳහා නේවාසික, වාණිජ සහ කාර්මික යන ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලබන අතර, එම අනු දර්ශක තුනෙහි සාමාන්‍යය ඇසුරෙන් ඉඩම් මිල දර්ශකය ගණනය කරනු ලැබේ.

  • IMF Reaches Staff-Level Agreement on the Fifth Review of Sri Lanka’s Extended Fund Facility

    තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පස්වැනි සමාලෝචනයේ සාකච්ඡා නැවත ඇරඹීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2019 පෙබරවාරි 14 - 28 කාලය තුළ දී කොළඹට පැමිණි අතර සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදී.

  • The Financial Action Task Force Endorsed the Progress Made by Sri Lanka

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්යසාධක බලකාය (Financial Action Task Force – FATF) විසින් ශ්‍රී ලංකාව එහි ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණ කර ඇති බවට මූලික නිර්ණය ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවත්වීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බවට සහ එම කටයුතු තිරසාර මට්ටමින් පවත්වා ගෙන යනු ලබන බවට ද, එ මෙන් ම අනාගතයේ දී ඒ සඳහා අවශ්‍ය දේශපාලන කැපවීම පවතින බවට ද තහවුරු කර ගැනීම සඳහා වූ එතැන් පරීක්ෂාවක් නිර්දේශ කරන ලදී.  2019 පෙබරවාරි 20 - 22 කාල පරිච්ඡේදය තුළ දී පැරීසියේ පවත්වනු ලැබූ මූල්‍ය කාර්යසාධක බලකා සැසි වාරයේ දී මෙම තීරණය ගන්නා ලදී. 

  • Monetary Policy Review - No. 1 of 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 පෙබරවාරි මස 21 වැනි දින පැවති රැස්වීමේ දී වාණිජ බැංකු වෙතැති සියලු ම රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, 2019 මාර්තු මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සියයට 5.00 දක්වා ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කළේය. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළ අතර, ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය උපරිම වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇති ව, දේශීය ආර්ථිකයේ සහ දේශීය මූල්‍ය වෙළඳපොළ තුළ මෙන් ම ගෝලීය ආර්ථිකයේ දැනට පවත්නා සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ව  මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබී ය. 

  • Inflation in January 2019

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.4 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.2 දක්වා ඉහළ ගියේ ය. 2019 ජනවාරි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයේ දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතු විය. ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.7 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය. කෙසේ වුව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට -4.5 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට -4.8 දක්වා තවදුරටත් පහළ ගියේ ය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ වෙනස, 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1 සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගියේ ය.

  • A Response From the Governor, CBSL to the News Item Published in LankaCNews

    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මැතිතුමා විසින් මා වෙත යොමු කරනු ලැබ ඇතැ යි සඳහන් කර LankaCNews වෙබ් අඩවියේ 2019.02.17 දින ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ගනුුදෙනු පිළිබඳ ව පළ කරනු ලැබූ ලිපිය කෙරෙහි මාගේ අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් පහත කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරන අතර එම ලිපිය මෙතෙක් මා වෙත ලැබී නැති බව ද මෙයින් දන්වා සිටිමි.

  • Sri Lanka Purchasing Managers’ Index - January 2019

    නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වීම සඳහා 2018 දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව 2019 ජනවාරි මාසයේ දී  නිමි ඇඳුම් නිෂ්පාදන අංශය තුළ රැකියා නියුක්තියේ සහ නිෂ්පාදනයේ දක්නට ලැබුණු වර්ධනය හේතු විය. පැවති රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සිදු කරන ලද නව බඳවා ගැනීම් හේතුවෙන් රැකියා නියුක්තියේ මෙම සැලකිය යුතු වර්ධනය දක්නට ලැබුණි. රැකියා නියුක්තියේ වර්ධනය මෙන් ම පෙර මාසයෙන් ඉදිරියට ගෙනා ඇණවුම් හේතුවෙන් නිෂ්පාදනයේ ද වැඩි වීමක් ඇති විය.

  • Sale of Subsidiaries, Sub-Subsidiaries and Investment Properties of ETI Finance Ltd

    ඉහත කරුණ සම්බන්ධයෙන් 2019 පෙබරවාරි 13 වැනි දින ඉංග්‍රීසි දිනපතා පුවත්පතක පළ වූ ලිපිය හා බැ‍ඳේ. 

    ඉහත සඳහන් ලිපියේ දෝෂ සහිත සහ ‍නො මග යවන සුලු කරුණු කිහිපයක් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පහත පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

  • Regulatory Actions Taken by the Central Bank of Sri Lanka on The Finance Co PLC

    2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර වර්තමානය වන විට ඉතා ඉක්මනින් විසඳිය යුතු උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් ව ඇත. ආයතනය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුව ද එම ප්‍රයත්න තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත. ආයතනය වර්තමාන තත්ත්වය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම තුළින් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ යහපත තවදුරටත් අවම වනු ඇත.

  • Sale of Subsidiaries, Sub-Subsidiaries and Investment Properties of ETI Finance Ltd

    ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම සම්බන්ධයෙන් සමහර වැරදි තොරතුරු සංසරණය වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත. ඉහත කී ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පරිදි කරුණු පැහැදිලි කර සිටී.

Pages