• 54th SEACEN Governors’ Conference / High-Level Seminar and the 38th Meeting of the SEACEN Board of Governors

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියැසන් අධිපතිවරුන්ගේ 54 වෙනි සමුළුව/උසස් මට්ටමේ සම්මන්ත්‍රණය හා සියැසන් අධිපති මණ්ඩලයෙහි 38 වෙනි රැස්වීම 2018 වසරේ නොවැම්බර් මස 29 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා කොළඹ දී පැවැත්වීමට අනුග්‍රහය දක්වන ලදී. එම සමුළුව සඳහා සියැසන් සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි අධිපතිවරු සහ නියෝජිතයෝ සහභාගි වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, මිත්සුහිරෝ ෆුරුසාවා මහතා ප්‍රධාන දේශකයා ලෙස සමුළුවට සහභාගි විය.

    සියැසන් මධ්‍යස්ථානය ආසියා පැසිෆික් කලාපය තුළ මූල්‍ය, මුදල් හා බැංකු ආශ්‍රිත කරුණු පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 1982 වර්ෂයේදී පිහිටුවන ලද සියැසන් ආයතනය ආසියා පැසිෆික් කලාපයේ පිහිටි මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්ට අධ්‍යාපනික වැඩසටහන්, පර්යේෂණ කටයුතු සහ සම්බන්ධතා හරහා සිය සේවා ලබාදෙයි.

  • CBSL Disputes the Rating Agencies’ Latest Rating Decisions

    2018 දෙසැම්බර් මස 03 වන දින ෆිච් ආයතනය (ෆිච් රේටින්ග්ස්) සහ 2018 දෙසැම්බර් මස 04 වන දින ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්) විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ (ස්ථාවර) සිට ‘B’ (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීමට ගත් තීරණ රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම මගින් පි‍ළිබි‍ඹු සා‍ධකවලට පටහැනිව සිදු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතයයි.

  • Inflation in February 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජනවාරි මාසයේ දී වාර්තා කළ සියයට -0.7 හි සිට 2016 පෙබරවාරි මාසයේ දී සියයට 1.7 දක්වා ඉහළ ගියේ ය. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ආහාර කාණ්ඩයේ සමස්ත මිල පහළ යෑම ඉක්මවා යමින් මධ්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෞඛ්‍ය; ප්‍රවාහන සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩවල දක්නට ලැබුණු සැලකිය යුතු මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන් ආහාර නො වන කාණ්ඩය ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජනවාරි මස වාර්තා වූ සියයට 2.9 හි සිට 2016 පෙබරවාරි මස දී 2.6 දක්වා පහළ ගියේ ය. 

  • External Sector Performance - September 2018

    2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය පීඩනයකට ලක්විය. වෙළඳ හිඟය පුළුල් වීම සහ එ.ජ. ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විවිධ කෙටිකාලීන ආයෝජන ආපසු රැගෙන යෑම්, මෙම මාසයේ දී ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. අඛණ්ඩව සිව්වැනි මාසයටත් අපනයන ආදායම එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවා ගියද, අපනයන ආදායමේ වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වර්ධනය විය. ගෝලීය මූල්‍ය වෙළඳපොළ ශක්තිමත් වීම හමුවේ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් වාර්තා විය. මේ අතර, 2018 සැප්තැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළඳ‍පොළෙහි ද විදේශීය ආයෝජන නැවත රැගෙන යෑම් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස අට තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 5.3 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, දේශීය විදේශ විනිමය වෙළඳපොළේ පීඩනය පිළිබිඹු කරමින් සැප්තැම්බර් මාසයේ දී සියයට 4.6 කින් තවදුරටත් අවප්‍රමාණය විය.

  • A Commemorative Coin to Mark the 75th Anniversary of Sri Lanka Signal Corps

    ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් පුරා වසර 75ක් මුළුල්ලේ රට වෙනුවෙන් කරන ලද සේවාව ඇගැයීම හා එහි 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. 10 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිත කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදි. මෙහි පළමු කාසිය 2018.11.27 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබී ය. 

    මෙම කාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ඉදිරියේ දී සංසරණයට නිකුත් කරනු ලබන අතර අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සමඟ ගෙවීම් සඳහා භාවිත කළ හැකි වේ.

  • Issuance of a New Circulation Standard Coin Series

    කාසි ටංකන පිරිවැය අඩු කිරීම, කල් පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි බව හා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට කාසි වර්ග වෙන් කර හඳුනා ගැනීම පහසු කරවීම යන පරමාර්ථ ඇති ව මුහුණත වටිනාකම රු.10, රු.5, රු.2 හා රු.1 යන කාසි වර්ග හතරින් යුත් නව කාසි කාණ්ඩයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදි. මෙහි පළමු කාසි ඇසුරුම 2018.11.27 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබී ය. 

    නව කාසි කාණ්ඩයේ කාසි 2018.12.03 දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන අතර අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සමඟ ගෙවීම් සඳහා භාවිත කළ හැකි වේ. 

  • Monetary Policy Review - March 2016

    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් පෙර වසරේ පැවැති සියයට 4.9 හා සාපේක්ෂ ව 2015 වසරේ දී සියයට 4.8කින් වර්ධනය වී ඇත. 2015 වසර තුළ දී සියයට 5.3කින් වර්ධනය වූ සේවා අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම් ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. පිළිවෙළින් සියයට 5.5කින් සහ සියයට 3.0කින් වර්ධනය වෙමින් කෘෂිකාර්මික හා කාර්මික අංශ ද ආර්ථික වර්ධනයට ධනාත්මක ලෙස දායක විය. ආයෝජන ක්‍රියාකාරකම්වල පසුබෑම හමුවේ පර්භෝජන ඉල්ලුමේ ඉහළ යෑම 2015 වසරේ මෙම වර්ධනයට හේතු විය. 

  • Withdrawal of Primary Dealership by The Hongkong and Shanghai Banking Corporation Ltd

    අංක 24, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 1 යන ස්ථානයේ පිහිටි හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්කින්ග් කෝපරේෂන් ලිමිටඩ් (HSBC) ආයතනය 2016 අප්‍රේල් 1 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස ක්‍රියා නො කරන බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. එ නමුත් HSBC ආයතනය තවදුරටත් නිර්ලේඛන සුරැකුම්පත් සඳහා ද්වීතියික වෙළෙඳපෙ‍ාළේ සෘජු සහභාගීකාර අලෙවිකරුවෙකු ලෙස කටයුතු කරන අතර තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනුවල නිරත වීම සහ ඔවුන් වෙනුවෙන් ලංකාසෙක්‍යුහි ගිණුම් පවත්වා ගෙන යෑම සිදු කරනු ඇත. 

  • Inflation in October 2018

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2016 ජනවාරි මස සිට වාර්තා වූ පහළ ම අගය වන සියයට 0.1 ක අගයක් වාර්තා කරමින් 2018 ඔක්තෝබර් මාසයේ දී තෙවන වරටත් අඛණ්ඩ ව පහළ ගියේ ය. ඉහළ ආහාර මිල ගණන් හේතුවෙන් පසුගිය වසරේ අනුරූප මාසයේ දී පැවති ඉහළ පදනම් අගය 2018 ඔක්තෝබර් මාසයේ දී දක්නට ලැබුණු මතුපිට උද්ධමනයේ පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය තෙවන වරටත් අඛණ්ඩ ව පහළ ගිය අතර 2018 ඔක්තෝබර් මාසයේ දී එය සියයට -6.6 ක් ලෙස වාර්තා විය. කෙ සේ වුව ද, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අඛණ්ඩ ව ඉහළ ගිය අතර 2018 ඔක්තෝබර් මාසයේ දී එය සියයට 5.8 ක් ලෙස වාර්තා විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.0 සිට 2018 ඔක්තෝබර් මාසයේ දී සියයට 3.3 දක්වා පහළ ගියේ ය.

  • Moody’s Latest Rating Decision is Unfounded

    2018 නොවැම්බර් මස 20 වන දින මූඩීස් ආයෝජන සේවා ආයතනය (මූඩීස්) විසින් ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම B1 (සෘණ) සිට B2 (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීම රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම නිසිලෙස පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වන අතර, එබැවින් එම තීරණය සාධාරණ නොවේ.

Pages