ව්‍යවහාර මුදල්/ ගෙවීම් කළමණාකරන ප්‍රතිපත්තිය

රට වසා තැබු කාලය තුළ ආර්ථිකයට අවශ්‍ය මුදල් සුමටව ගලා ඒම සහතික කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත්තේය. ඇඳිරි නීතිය පැවති කාලය තුළදී ද මහජනතාවට බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා තම මුදල් අවශ්‍යතා සපුරාගැනීමට මෙම පියවරයන් ඉඩ ලබා දෙන ලදි. වසංගත සමයේදී ආර්ථිකයට හා මුල්‍ය පද්ධතියට අවශ්‍ය දේශීය හා විදේශීය මුදල් ගනුදෙනු සඳහා ගෙවීම් සහ පියවීම් පද්ධති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මහ බැංකුව විසින් සහතික කරනු ලැබිණි. මහජනතාවට ගනුදෙනු සිදු කිරීමේ පහසුව වැඩි කරමින් විද්‍යුත් ගෙවීම් ක්‍රම කිහිපයක් සක්‍රීයව ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැපයීම සිදු කරන ලදී.

 

සිදුවීම්

 17 March 2020 Increased the ceiling of Rs 500 million on emergency cash withdrawal and relaxed two emergency cash withdrawals limit per month (per bank) by LCBs until 15 May 2020 to meet the public demand for cash during lockdown.
• COVID-19 පැතිරීම හේතුවෙන් ගමනාගමනය සඳහා සීමා පනවා තිබු කාලය තුළදී ගනුදෙනුකරුවන්ට මංගත ගනුදෙනු සඳහා ලියාපදිංචි වීමට පහසුකම් සැලසීම සඳහා පහත ක්‍රියාමාර්ග ගන්නා ලදී.
2020 අප්‍රේල් 01 ලංකාක්ලියර් සමාගමෙන් සපයා ඇති ජස්ට්පේ (JustPay) පහසුකම මගින් ජංගම දුරකථන යෙදුම් භාවිතා කර සිදු කෙරෙන ගනුදෙනුවල සීමාව රුපියල් 10,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කරන ලදි.
2020 මාර්තු 30 විද්‍යුත් මුදල් ගනුදෙනුවලට පහසුවක් වීම සඳහා විද්‍යුත් මුදල් පසුම්බි වල සීමාව තාවකාලිකව රුපියල් 10,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබා දෙන ලදී.
2020 මාර්තු 26 ඩිජිටල් ක්‍රම මගින් ගනුදෙනුකරු හඳුනාගෙන ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බි විවෘත කිරීමට හෝ ඒවාට පහසුකම් සැලසීමට මුල්‍ය ආයතන වෙත අවසර ලබා දෙන ලදී. කෙසේවෙතත්, මෙලෙස ලියාපදිංචි වුවන්ගේ අනන්‍යතාව පසුව සහතික කරගන්නා ලෙස මුල්‍ය ආයතන වලට උපදෙස් ලබා දෙන ලදී.
2020 මාර්තු 20 මුල්‍ය ආයතන වෙතින් ඉලෙක්ට්‍රොනික බැංකු පහසුකම් ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් ලියාපදිංචි වීමේදී අය කෙරෙන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු අය නොකිරීමටත්, ගනුදෙනුකරු බැංකු ශාඛා වෙත නොපැමිණ ලියාපදිංචි වීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත් උපදෙස් නිකුත් කරන ලදී.
• මහජනතාවට සිය අරමුදල් සඳහා ප්‍රවේශවීමට පහසුකම් සැලසීම සඳහා පහත අනුමැතියන් ලබා දෙන ලදි.
2020 ජුනි 08 ගනුදෙනුවක් සඳහා වන උපරිම අගය වැඩි කිරීමෙන් ලංකාපේ මංගත ගෙවීම් වේදිකාව හරහා රජයේ සහ අනෙකුත් ආයතන වෙත කෙරෙන ගෙවීම් සඳහා තවදුරටත් පහසුකම් සලසන ලදී.
2020 මැයි 12 Waived off the service charge on currency notes deposits (serviceable currency notes) by LCBs for three months period from 01 April 2020 to 30 June 2020 considering the pandemic situation.
2020 අප්‍රේල් 10 මෙම කාලය තුළ අන්තර්ජාලය හරහා සිදුකෙරෙන මිලදී ගැනීම් වැඩි කිරීමට පහසුකම් සැලසීම සඳහා විද්‍යුත් මුදල් පද්ධතිවල වෙළෙඳුන් සඳහා තිබු සීමාවන් ලිහිල් කෙරිණි.