ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 මැයි මාසයේ දී තවදුරටත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.9හි සිට 2020 මැයි මාසයේ දී සියයට 5.2 දක්වා තවදුරටත් පහළ ගියේ ය. 2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2020 අප්‍රේල් මාසයේ දී සියයට 12.2හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ දී සියයට 11.1 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය ද, 2020 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 1.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේ ය.  

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 5.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, June 22, 2020