ශී‍්‍ර ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් ගත් ගනුදෙනුකරුවන් හඳුනාගැනීම සඳහා වු සංකල්ප සාධන කි‍්‍රයාවලිය ආරම්භ කරයි

2020 ජුලි 07 වන දින ශී‍්‍ර ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය (Blockchain Technology) පදනම් කරගත් ගනුදෙනුකරු හඳුනාගැනීමේ (Know-Your-Customer- KYC) කි‍්‍රයාවලිය ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කරන ලදි. ශී‍්‍ර ලංකා මහ බැංකුව 2018 වර්ෂයේදී බ්ලොක්චේන් තාක්‍ෂණයෙන් මුල්‍ය කටයුතු සඳහා ලබා ගත හැකි ප‍්‍රතිලාභ හඳුනාගන්නා ලද අතර, බැංකු සහ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයන්හි ස්වේච්ඡා සහභාගීත්වයෙන් බ්ලොක්චේන් තාක්‍ෂණය පිළිබඳ අන්තර්-ක්‍ෂේත‍්‍ර අධ්‍යනයක් ආරම්භ කරන ලදි.  ශී‍්‍ර ලංකාවේ බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කරගත් මුල්‍ය  සේවාවලට මග පෑදීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙලෙස ගනුදෙනුකරු හඳුනා ගැනීමට පහසු කි‍්‍රයාවලියක් සකස් කිරීමට තීරණය කරනු ලැබීය.  ඒ අනුව, ශී‍්‍ර ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කර ගත් සේ්වාවන් වලට මගපෑදීම සඳහා ගනුදෙනුකරු හඳුනාගැනීමේ ඩිජිටල් ක‍්‍රමවේදයන් සකස් කිරීම පිළිබඳ අත්දැකීම් ඇති සමාගම් වලට මෙම ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡා පදනමක් මත සම්බන්ධ වන ලෙස ආරාධනය කරමින් දැන්වීම් පල කරනු ලැබිණි. මෙලෙස ලැබුණු අයදුම්පත් රාශියක් අතරින්, ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සමගාමීව සංකල්ප සාධනයන් (Proof of Concept-POC) නිර්මාණය කිරීම සඳහා අයදුම්කරුවන් තිදෙනෙකු තෝරා ගන්නා ලදි.

සංකල්ප සාධනය නිර්මාණය සඳහා විදේශීය  ආයතන 17ක් ඇතුළුව ආයතන 40ට අධික සංඛ්‍යාවක් තනි තනිව සහ ඒකාබද්ධ වශයෙන් අයදුම් කරන ලදි. තේරීම් වට කිහිපයකට පසුව ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ශී‍්‍ර ලංකාවේ මෙම පුරෝගාමී ව්‍යාපෘතිය සඳහා අයදුම්කරුවන් තිදෙනෙකු තෝරා ගන්නා ලදි. ඒ අතරින් සම්පත් බැංකුව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනය (UCSC) ඒකාබද්ධ අයදුම්කරුවන් ලෙස, ස්වීඩනයේ නෝර්බ්ලොක්  ඒබී (Norbloc AB)  සහ ශී‍්‍ර ලංකික සමාගම් දෙකක් වන යාල ලැබ්ස් (Yaala Labs) පෞද්ගලික සමාගම සහ ලිනියර්සික්ස් (LinearSix) පෞද්ගලික සමාගම ඒකාබද්ධ අයදුම්කරුවන් ලෙස තෝරා ගන්නා ලදි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, July 7, 2020