ශ්‍රී ලංකා මහ බැංකුව "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2021 සුවිශේෂ සිදුවීම් සහ 2022 අපේක්ෂා" ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව "මෑත කාලීන ආර්ථික ප්‍රවණතා: 2021 සුවිශේෂ සිදුවීම් සහ 2022 අපේක්ෂා" ප්‍රකාශනය අද දින විද්‍යුත් මාධ්‍යයෙන් එළි දක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම බාගත කළ හැකිය.

"මෑත කාලීන ආර්ථික ප්‍රවණතා" ප්‍රකාශනයෙහි අන්තර්ගත වන පරිදි 2021 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමස්ත නිරීක්ෂණය, 1වන පරිච්ඡේදයේ ඇතුලත් වන විශේෂ සටහන් සහ එහි පළවී ඇති තොරතුරු රූපසටහන පහත දැක්වේ.

ශ්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේ දී කොවිඩ්-19 වසංගතය මගින් ඇති කළ පසුබෑමෙන් අනතුරුව ශක්තිමත් ලෙස නැගී සිටියේය. ආර්ථිකයේ ප්‍රධාන අංශ පුළුල් ලෙස යථා තත්ත්වයට පත්වෙමින්, 2021 වසරේ පළමු භාගයේ දී මූර්ත ආර්ථිකය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 8.0%කින් වර්ධනය විය. රජය සහ මහ බැංකුව විසින් පුළුල් පරාසයක විහිදුණු ව්‍යාපාර සහ පුද්ගලයින් වෙත ලබා දෙන ලද සුවිශේෂී ප්‍රතිපත්ති උත්තේජන, දීපව්‍යාප්ත එන්නත්කරණ වැඩසටහන හා සමගාමීව තෝරාගත් සංචරණ සීමා ක්‍රමයෙන් ඉවත් කිරීම සහ ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත්වීම, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා හේතුවිය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, November 11, 2021