විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 සැප්තැම්බර්

වෙළඳ භාණ්ඩ හිඟය, 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 525ට සාපේක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා පහළ ගියේය. මාසික අපනයන ඉපැයීම් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්ම වූ අගයන් වාර්තා කළ අතර, ආනයන වියදම් 2020 වසරේ සැප්තැම්බර් මාසයට බොහෝසෙයින් සමාන මට්ටමක පැවතුණි. 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම්වල වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින්, පසුගිය මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් පෙන්නුම් කළේය. චීන සංවර්ධන බැංකුවේ ඒකාබද්ධ ණය පහසුකම යටතේ වන ලැබීම් සහ ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුමේ ඉතිරි මුදල් ප්‍රමාණය ලැබීමත් සමඟ මෙම මාසය තුළ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් විය. මේ අතර, වරායෙන් එතෙක් නිදහස් කර නොගත් අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ තොග නිදහස් කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් ක්‍රියාමාර්ග සහ විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් ලබා දුන් මාර්‌ගෝපදේශ මගින් අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මෙම මාසය තුළ අතිප්‍රමාණය වී ස්ථාවර විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, November 15, 2021