මුදල් ප්‍රතිපත්ති විවරණය - 2019 අංක 3

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2019 මැයි මස 30 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට තීරණය කළේ ය.මැදි කාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇති ව, දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ මෙන් ම, ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මනා ව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබී ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, May 31, 2019